Colombo Today Local NewsCovid 19

කුවේට් ගෘහ සේවිකාවන් බහුතරයකට කොවිඩ්

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

තවද තානාපති කාර්යාල යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවහනේ දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට යාමට නොහැකිව රැදී සිටින ගෘහ සේවිකාවන් 160 දෙනාගෙන් බහුතරයකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

මේ බව තානාපති කාර්යාලය කියා සිටිනවා.

එබැවින් තවදුරටත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිටි සුරක්ෂා නිවහන සඳහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් බාරගැනීම නතර කිරීමට තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මේ වන විට සුරක්ෂා නිවහනේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් පැමිණෙන ගෘහ සේවිකාවන් සඳහා නවාතැන් පහසුකම් සැපයීමේ ගැටලුවක් මතුව ඇති බැවින් මින් ඉදිරියට කිසිදු ගෘහ සේවිකාවක් සුරක්ෂා නිවහනට බාර නොගැනීමට තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

කුවේට්හි තම සේවා ස්ථානවල යම් ගැටලුවක් මතු වුවහොත් තානාපති කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසත්, තානාපති කාර්යාලය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තම පැමිණිල්ල ඉදිරිපත් කර විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට දැනුම් දෙනවා.

එමෙන්ම ලංකා රජය ගත් තීරණයක් මත කුවේට් තානාපති කාර්යාලයේ රැකියා හා සුභ සාධන අංශයේ නිලධාරීන් බහුතරයක් සේවය අවසන් කර නැවත ලංකාවට යැවීමට කටයුතු කර ඇත. මේ නිසා යම් ගැටළුවක් මතු වුවහොත් හාම්පුතාට හොර රහසේ තානාපති කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසත්, 25354633 දුරකථන අංකය ඔස්සේ තානාපති කාර්යාලය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තම පැමිණිල්ල ඉදිරිපත් කර විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

ශ්‍රමිකයෙකු තම හාම්පුතා යටතේ තවදුරටත් සේවය කිරීමට අකමැති නම් හාම්පුතාට ඒ බව දන්වා ඔහු සමඟ රුමතියාහි පිහිටි මිනිස් බල අධිකාරිය යටතේ පවතින “අමාල මනිසිල්” වෙත ගොස් කුවේට් රජය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවහන වෙත බාරවීමට කටයුතු කරන ලෙස ලාංකික ශ්‍රමිකයින්ට දන්නවා ඇත.

කුවේට්හි තානාපති කාර්යාල නිලධාරීන් පිරිසකට හා සුරක්ෂා නිවසේ පිරිසට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමග ඉකුත් සැප්තැම්බර් 26 වැනිදා සිට සති තුනක් පුරා වසා තැබුණා.

නමුත් තානාපති කාර්යාලය හදිසි මහජන සේවා සැපයීම සඳහා පමණක් අද (18) දිනයේ සිට අර්ධ වශයෙන් විවෘත කරන බව ද කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.

Related posts

බදියුදීන් පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව CIDයෙන් පිටව යයි

colombotoday

ඉන්දුනීසියාවේ භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

දීපාවලී දිනය දා කොටි සිරකරුවන් නිදහස්!

colombotoday

අමත්‍යදුරයෙන් පහකෙරුණු විජේදාස රාජපක්ෂ දිවුරුම් දෙයි

colombotoday

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගුයි | සෞඛ්‍ය උපදෙස් අනුව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් කොළඹ ගංගාරාමයේදී

colombotoday

දරුවන්ගේ දෙවෙනි මවට අපි දුන්න 2500න් බින්දුවක් යහපාලකයන් ගිලලා…” – හිටපු ජනපති

colombotoday