Colombo Today Local News

කිලිනොච්චිය හමුදා කඳවුර ඉදිරිපිට තිබු බෝම්බය ?

කිලිනොච්චිය, කණ්ඩාවලෙයි යුද හමුදා 573 බළසේනා මූලස්ථානය ඉදිරිපිට මාර්ගය අසල පුපුරණ ද්‍රව්‍ය සහිතව සකසා තිබූ පාර්සලයක් ඊයේ(14)දින දහවල් යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් නිශ්ක්‍රීය කල බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.

කඳවුර ඉදිරිපිට වයර් සහිත පාර්සලයක් එහි නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් පසුව ඒ පිළිබඳ සැක සිතූ යුද හමුදා සෙබලුන් එය පරීක්ෂා කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය යොදා සකස්කළ බෝම්බය වැනි යමක් බවට තහවුරුවීමෙන් අනතුරුව ආරක්ෂිත ලෙස කඳවුර තුලටගෙන එහිදී එමය නිශ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබීය.

කිසියම් අයකු විසින් මෙය කඳවුර ඉදිරිපිටට ගෙනවිත් දමාගොස් හෝ එය සකස් කොට කිසියම් පිපිරීමක් ඇති කිරීමට හෝ සකස් කොට ඇති බවට සැකපලකරන බවද පොලිසිය පැවසීය.

අදාල පාර්සලයේ කුමන වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තිබුණේදැයි මෙතෙක් අනාවරණයවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා රසපරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා සාම්පල ලබාගෙන ඇති බවටද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

අදාල පුපුරණද්‍රව්‍ය පාර්සලය හා නිශ්ක්‍රීය කල ස්ථානය පිළිබඳව මේ වන විටත් පොලීසිය හා යුද හමුදාව විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇති අතර එම පුපුරණද්‍රව්‍ය පාර්සලය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයින් පිළිබඳවද පුලුල් සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇත.

Related posts

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

colombotoday

“සිංහලේ” කණ්ඩායම ගැන හොයන්න.. අගමැති, සාගලට දැනුම් දෙයි !

colombotoday

අවලංගු වූ උසස් පෙල කෘෂි විද්‍යාව විභාගය පෙබරවාරියට

Admin

පහරදීම ගැන කරුණු කියන්න වැඩබලන පොලිස්පති පොලිස් කොමිසමට එයි – video

colombotoday

තිරසාර සංවර්ධන පනත උතුරු පළාත් සභාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

ජනපති දූත පිරිසක් සමග තායිලන්ත සදහම් චාරිකාවේ.

colombotoday