Colombo Today Local News

කිරි හරක් ගෙන්වීමට විදේශ රටකින් ගත් කෝටි 131ක් පුද්ගලික සමාගමකට දිලා….

විදේශ රටවලින් කිරිහරක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ අදියරක් යටතේ විදේශ රටකින් ලබාගත් රුපියල් කෝටි 131 මුදලක්  පෞද්ගලික සමාගමකට ලබාදී ඇති බව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද (29) දඹුල්ලේ දී පැවසීය.     

සමස්ත ලංකා කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය සහ විදේශ රටවලින් ගෙනා කිරි ගවයන් මිලදී ගත් ගොවීන් එක්ව මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

2017  වසරේ විදේශ සේවා සම්පත් දෙපාර්තමේන්තුව මඟින් කිරි හරක් ගෙන්වීම සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබූ නමුත් මුදල් වෙන් වී නොමැති බව එම ආයතනයෙන් ලිඛිතව දැනුම් දී තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය. එම ලිපිය පසුගිය වසරේ මැයි මාසයේ 09 වන  දින ලබාදී තිබෙන බවත් එහෙත් මැයි මස 08 වන දින විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මැදිහත්වීම මත රුපියල් කෝටි 131 මුදලක්   වෙලාඩ් නමැති   පෞද්ගලික ආයතනයකට කිරිහරක් ගෙන්වීම  සඳහා ලබාදී තිබෙන බවත් එම මුදලට මෙතෙක් කිසිදු ගවයෙක් ගෙන්වා නැති බවත් ඔහු  වැඩිදුරටත් පැවසීය.

කිරි  ගොවියකු වූ කේ. ජී. කේ . ඩබ්ලිව්. සේනානායක මහතා කියා සිටියේ මේ වන විට තම ගොවිපලේ කිරි ගවයන් විශාල වශයෙන්  මිය යන බවත් අවශ්‍ය කිරි ප්‍රමාණය නොමැතිවීම නිසා සිය ආර්ථික තත්වය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන බවත්ය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙදෙනෙකු කිරි ගවයන් මිලදී ගත් බවත් එම අයට පෞද්ගලික කිරිහරක් ගැන්වූ ආයතනය මගින් මුදල් වියදම් කර එම ගොවිපලවල් පවත්වාගෙන යෑමට අවශ්‍ය විශාල මුදලක් වියදම් කරමින් සිටින බවත් ගුණතිලක බණ්ඩාර නම් කිරි ගොවි ව්‍යාපාරිකයා  කියා සිටියේ ය.  

මීට අමතරව සිගිරිය ගෙඩිගස්වාලාන  ප්‍රදේශයේ ව්‍යාපාරිකුගේ ගොවිපලක තැන තැන මැරී සිටින කිරි දෙනුන් වළ දමන ආකාරය දැකගත හැකිවිය. එම භූමියේ  කිරි ගවයින් 70කට වැඩි ප්‍රමාණයක් වළදැමූ සුසාන භූමියද ගොවීහු පෙන්වූහ.

ලංකාදීප

Related posts

යෝෂිත නාවික හමුදාවෙන් ඉවතට ! මහාධිකරණයෙනුත් ඇප නෑ

colombotoday

කැකිරාවේ සුරා සැල් හයකට සීල්

colombotoday

ඇමැතිකමෙන් රන්ජන් දොට්ට! – පෙර පරිදිම හැසිරුණොත් පක්‍ෂ සාමාජිකත්වයෙනුත් ඉවතට

colombotoday

මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. – රවී කරුණනායක පවසයි

colombotoday

ඇඳිරි නීතිය කඩකර අත්අඩංගුවට ගෙන නඩු පැවරූ පුද්ගලයින් 7387 දෙනෙකුට දඬුවම් නියම කරයි

colombotoday

පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතකයින් සොයා විමර්ශන

colombotoday