Colombo Today Local News

“කිරිබත් වලට වඩා තෛපොංගල් බත් රසයි.. දැන් ලංකාවටම හිරු පායනවා” – අගමැති

ගෝලීය පරිසරයේ වෙනස්කම් සිදුවනවා සේ ගෝලීය දේශපාලනයේද වෙනස්කම් සිදුවී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒසේ වෙනස්වීමෙන් හිරු එළිය මුළු ලංකාවටම ලැබුණු බවත්, මේ වන විට ලංකාවේ සෑම පුරවැසියෙකුටම හිරු එළිය පායන බවත් ඒ මහතා අද ජාතික තෛයිපොංගල් උත්සවයට සහභාගීවෙමින් කියා සිටියේය.

එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් මහතා ලංකාවට පැමිණියේ අඳුරු යුගයක බවත්, හිරු එළිය වැටුණු අවදියේ ලංකාවට පැමිණෙන ලෙස ඒ මහතාට තමන් විසින් විශේෂ ආරාධනාවක් කරන බවත් ඔහු එහිදී කීවේය.

තවද කිරිබත් ආහාරයට වඩා තමාට තෛයිපොංගල් බත් රස බවත්, තෛයිපොංගල් උත්සවය යනු ජාතික උත්සවයක් බවත් හෙතෙම කියා සිටියේය.

ඉදිරි කාලය තුළදී ලංකාවේ ආර්ථිය යහපත් මට්ටමකට ළඟාවන විට උතුරු නැගෙනහිරට විශේෂ දායකත්වයක් ලබාදෙන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Adaderana

Related posts

සයිටම් ප්‍රධානියාට වෙඩි තැබීම කුමන්ත්‍රණයක් !!

colombotoday

ආගමික කටයුතුවලට 50 කට වඩා එපා

colombotoday

කාලෝ ගෙදර යවා සයිටම් නියෝජිතයෙක් වෛද්‍ය සභාවට පත්කර ගැනීමේ තැතක් !

colombotoday

උතුරේ ඉඩම් නිසි අයිතිකරුවන්ට දෙන්න උතුරු ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

colombotoday

රණවිරුවන් යුද අධිකරණයට ගෙනයන්න හදන වන්දිභට්ටයිනි මෙය කියවනු !

colombotoday

දේශබන්දුට එරෙහිව තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

Admin