Colombo Today Local News

කින්නියා පුරාවිද්‍යා රක්ෂිතයෙන් සෙල්ලිපියක් හමුවේ – පැරණි ආරාමයක නටබුන් සොයා කැණීම් තවදුරටත්

කින්නියා උණුදිය ළිං පුරාවිද්‍යා රක්ෂිතයේ පිළිම ගෙයි කැණීම්වලින්  ක්‍රි. පූ. 3 හා 4 සියවස්වලට අයත් යැයි සැක කරන පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

කොටස් තුනකට කැඩි ඇති මෙම සෙල්ලිපියේ එක් කොටසක් පුරාවිද්‍යා විද්‍යා භූමියට අයත් සීමාවට පිටතින්  සොයාගෙන ඇත. ඉතිරි කොටස් පිළිම ගෙය අතර තිබී සොයාගත් බව ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්. එච්. ඒ. සුමනදාස මහතා පැවසීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සෙල්ලිපි අංශයට මෙම සෙල්ලිපිය පිටපත් කර යොමු කිරීමෙන් පසු එයින් ප්‍රකාශ වන්නේ රජ කෙනෙකු ඉදිකළ කූර වැව, මරුද වැව, කලා වැව, පාල වැව යන වැව්වලින් ලැබෙන දිය බද්ද මෙම ස්ථානයේ සංඝයා වෙත පූජා කළ බවයි.

දැනට ඒ අසළ කැණීම් කර ඇති දාගැබ හා කැණීම් කරමින් සිටින පිළිමගෙයට අමතරව උණුදිය ළිං අතර සංඝයා වහන්සේලාගේ ආරාමයක් තිබූ බව සාක්ෂි සහිතව තහවුරු වන බවත් මෙම ආරාමය සොයා කැණීම් කරන බවත් සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කමිටුවේ වාර්තාව හංගලා…

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව ඉදිරියටම, සජිත් එකගවූ යෝජනා මෙන්න !

colombotoday

දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙයි

colombotoday

ජගත් සමුළුව ඇමතීමට ජනපති නිව්යෝක් බලා පිටත්ව යයි…

colombotoday

මාමා නොඑයි… බෑණා යළිත් ඇතුළට…

colombotoday

සෞඛ්‍ය සේවකයෝත් විරෝධයේ

colombotoday