Colombo Today Local News

කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි

එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන කැළි කසළ යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද ,  ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කැළි කසළ මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (22) රිට් පෙත්සමක් ගොනු කරන ලදී.
 
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
 
නීතීඥ නිල්මල් වික‍්‍රමසිංහ මහත්මිය මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකි.ජීව විද්‍යා උපාධිධරයෙකි.
 
සායනික අපද්‍රව්‍ය , ඉවතලන ප්ලාස්ටික් , මෙට්ට‍්‍රස් ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත.මෙම විදෙස් කැළි කසල මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය. මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම, ජනතාවගේ සෞඛ්‍යයටද හානි සිදුවේ.

මෙම විදෙස් අපද්‍රව්‍ය  මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ.
 
මෙවැනි ක‍්‍රියා සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් , මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත.
 
එැබිවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, ජාතික පරිසර පනතෙහි විධි විධනා උල්ලංඝනය කරමින් මෙරටට විදේශයන් හි සිට කැළි කසල ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද, මෙවැනි විදෙස් කැළි කසල ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය  සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

Related posts

යුද්ධෙ දිනල රට කෑවා.. මං මහින්දත් එක්ක පුදුම තරහකින් ඉන්නේ – චන්ද්‍රිකා

colombotoday

රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වීමේ අවදානමක්

Admin

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර

colombotoday

නැගෙනහිර පුරාවිද්‍යා උරුමය මකර කටේ.. පුරවිද්‍යා දෙපාර්තමේන්තුව වගකීමෙන් කර අරී (Video)

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin

බැදුම්කර ඇලෝසියස් අප්පා-පුතාලාට අක්කර 450ක රජයේ තේවත්තක් පවරා දෙයි.. මාසික බද්ද අටදාහයි…

colombotoday