Colombo Today Local News

කැලෑවක දමා ගිය දින දෙකක් වයසැති සිගිත්තිය

අම්බලන්තොට මිරිජ්ජවිල නවගම්ගොඩ ප්‍රදේශයේ අත්හැර දමා තිබෙන ගරාජයක් අසළ කැලෑවක දමා ගොස් තිබු දින දෙකක් වයසැති කුඩා දැරියක් ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබේ.

පසුව අම්බලන්තොට පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව බිළිඳිය හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

අම්බලන්තොට මිරිජ්ජවිල නවගම්ගොඩ ප්‍රදේශයේ පාලු ස්ථානයක ඊයේ (21) රාත්‍රී කාලයේ දී කිසියම් කාන්තාවක් විසින් මෙම බිළිඳිය සුදු පැහැති රෙදි කඩකින් ඔතා විදුලි කණුවක් අසළ දමා ගොස් තිබිය දී ප්‍රදේශවාසීන් විසින් මෙලෙස සොයා ගෙන තිබේ.

මේ වන විට බිළිඳිය නිරෝගීව හම්බන්තොට රෝහලේ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

දැරිය දමා ගොස් ඇති කාන්තාව සොයා අම්බලන්තොට පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Related posts

රත්තරන් මිල පහළට

colombotoday

මැදවච්චිය ප්‍රාදේශිය සභාව බල රහිත වෙයි. – 2021 අය වැයත් පරාදයි සභා සම්මත වෙලත් නෑ.

colombotoday

සහල් ආනයනය කිරීමට පුද්ගලික අංශයට අවසර දෙයි

colombotoday

ඉන්ධන නැව් තුනක් මේ සතියේදී දිවයිනට

colombotoday

රටවල් 26ක් ලංකාවට එරෙහි බව ජිනීවා වාර්තා වලින් අනාවරණයක්

colombotoday

සම සමාජයේ සහය ගෝඨාභයට…

colombotoday