Colombo Today Local News

කැකිරාවේ ව්‍යාපාරිකයන් දෙවියන් යදින්නේ වෙනම තැනක… සැකකටයුතු ලියවිල අත්අඩංගුවට…

කැකිරාව නගරයේ පිහිටි අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ කාර්යාලයක් අසළ මුස්ලිම් ජාතිකයින් පිරිසක් ඇදහිම් කටයුතු සඳහා කලක පටන් භාවිතා කළ බව කියන ස්ථානයක තිබී සැකකටයුතු ලේඛන හා පොත් පත් කිහිපයක් හා සැකකරුවකු අද (03) යුද හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව තවුහිද් ජමාත් සංවිධානයක ලේකම්වරයා ලෙස කටයුතු කළ කැකිරාව නගරයේ ව්‍යාපාරිකයෙකි.

නගරයේ ව්‍යාපාරිකයින් ඇතුලූ පිරිසට ඇදහීම් කටයුතු සඳහා කැකිරාව නගරයේ ඉස්ලාම් පල්ලියක් ඇතැත් නගරයේ ධනවත් ව්‍යාපාරිකයින් අතලොස්සක් සැකකටයුතු ලෙස වෙනම ස්ථානයක සිය ආගම ඇඳහීම සඳහා භාවිතා කරන බවට යුද හමුදාවට ලද තොරතුරක් මත අදාල ස්ථානය සෝදිසියට ලක් කිරීමට යුද හමුදාව පියවර ගත්තේය.

ඒ අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී එම ස්ථානයේ තිබූ සැකකටයුතු  ලිපි ලේඛන කිහිපයක් හා එම ස්ථානයේ පවත්වාගෙන යන්නට ඇතැයි අනුමාන කෙරෙන යම් සංවිධානයක සාමාජිකයින්ගේ බවට සැක කෙරෙන නාම ලේඛනයක් ද යුද හමුදා භාරයට ගෙන ඇත.

යුද හමුදාව විසින් සොයාගෙන තිබූ එම ඇතැම් ලිපි ලේඛන වල කැකිරාව තවුහීද් ජමාත් යනුවෙන් සඳහන් නිල මුද්‍රාවක් ද යොදා තිබිණ.

මෙම සංවිධානය හා ජාතික තවුහීද් ජමාත් සංවිධානය අතර ඇති සබධතාවය කෙබඳු දැයි යන්න සොයා බැලීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භකර තිබේ.

සැකකටයුතු එම ලිපි ලේඛන හමුවූ සැකකටයුතු ස්ථානය පවත්වාගෙන ගිය එම ගොඩනැගිල්ල ද ප‍්‍රදේශයේ දේශපාලන පවුලක් සතු එකක් බවද ආරක්ෂක අංශ පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු හා සැකකටයුතු ලිපි ලේඛන ඉදිරි කටයුතු සඳහා කැකිරාව පොලිස් ස්ථානය වෙත භාරදීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

Related posts

ජාතිවාදය එජාප මුල් පුටුවලම ළියලයි.. රජයේ කොන්ත්‍රාත් කබීර් හෂීම් හරහා මුස්ලිම් ජාතිකයන්ට පමණයි !

colombotoday

ඉඩ නැති නිසා කළුබෝවිල රෝගීන් එළිමහනේ

colombotoday

රනිල්-සජිත්ට අද විශේෂ දවසක්

Admin

20 විරෝදය හකුලා ගත් බව ජනපති හමුවෙන් පසු පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ කියයි

colombotoday

රනිල්ගේ රුව නැති නිසා ප්‍රචාරක පත්‍රිකා බෙදන්න ආසන සංවිධායකයෝ බෑ කියති !

colombotoday

විමල් තමන්ගෙ දේශපාලන මතවාදය කවදාවත් වෙනස් කළේ නෑ – ලාල් කාන්ත

colombotoday