අනුරාධපුර මුදිතා මාවතේ පිහිටි කුප්රකට සමාජ ශාලාවක හිමිකරුවකු වන වසන්ත සොයිසා නැමති අය කපා කොටා ඝාතනය කර තිබේ. ඊයේ රාත්රී 11.45 ට පමණ මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ සමාජ ශාලාවේ හිමිකරුට සහ සේවයකයන් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී ඇත. එහිදි බරපතල තුවාල ලැබූ සමාජ ශාලාවේ හිමිකරු ප්රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.
කරාතේ ශූරයෙකුද වන ඔහු රූපවාහිනී රියැලිටි වැඩසටහනකින්ද ජයග්රහණය කළ අයෙක්. පහරදීම සඳහා පුද්ගලයන් විසිදෙනෙකු පමණ පැමිණ ඇති බවයි දැනට සිදු කෙරුණු විමර්ශනවලදී අනාවරණ වී තිබේ.