Colombo Today Local News

කරඬුව වැඩම කරන්න ඇසල පෙරහැරට අලි ඇතුන් සැපයීම ගැටලුවක්

ප්‍රධාන පෙරහැර පහක් එකම දීනයේ යෙදීම හේතුවෙන් කරඬුව වැඩම කරවීම සඳහා දළ ඇතුන් සම්බන්ධ කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න කියා සිටියේ, පෙරහැර සඳහා සම්බන්ධ කළ හැකි අලි ඇතුන් ඇත්තේ 70කට ආසන්න සංඛ්‍යාවක් බවයි.

වැඩි දුරටත් ඔහු සඳහන් කර සිටියේ,

“විශේෂයෙන්ම මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයත් සබරගමු මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යයත් එකම දිනවල යෙදීම නිසාත් ඇසල පුන් පොහොය දිනයේ ප්‍රධාන පෙරහැර 5ක එකම දිනක යෙදී තිබීම නිසාත් විශාල ගැටලුවක් වෙලා තියෙනවා අලි ඇතුන් සපයා දීම. එහිදී කරඬුව වැඩම කරවීම හා දේවාභරණ වැඩම කරවීමට දළ ඇතුන් සොයාගැනීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. දැනට අපිට හීලෑ අලි ඇතුන් 90ක් පමණ ඉන්නේ. එයින් විවිධ හේතු නිසා ඇතුන් ඉවත් කරාට පස්සේ අපිට ඉන්නේ 70කට ආසන්න ප්‍රමාණයක්.”

Related posts

ව්‍යවස්ථා කෙටුම්පත ඉක්මනින් විවාදයට ගන්නා බව විදේශ ඇමති බ්‍රිතාන්‍යයේදී පොරොන්දු වෙයි

colombotoday

හෙට-අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර අවලංගුයි

colombotoday

විජයකලා ඉල්ලා අස්වෙයි…

colombotoday

අරගලයට සහය දුන් බ්‍රිතාන්‍ය තරුණියගේ පෙත්සම විසිවෙයි

colombotoday

ඇමති ගයන්ත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය හමුවේ

colombotoday

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න අද සිට විශේෂ මෙහෙයුම්

colombotoday