Colombo Today Local News

කන්ජිපානිගේ පියාට පහරදුන් තිදෙනෙකු රිමාන්ඩ්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන් ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.

සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙක් පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

පසුගිය 17 වනදා පස්වරුවේ මාලිගාවත්ත සද්ධර්ම මාවත අසල දී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් කංජිපානී ඉම්රාන්ගේ පියාට පහරදීම සිදුකර තිබුණි.

Related posts

රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ලක්ෂ 160ක් ගැරූ අයෙක් අල්ලයි

Admin

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන දිනය ගැන ජනපතිගෙන් ඉගියක්…

colombotoday

මහින්ද කහඳගම රිමාන්ඩ්

colombotoday

පොලු රැගෙන සනත් නිශාන්තත් ගාලුමුවදොර අරගල භූමියේ

colombotoday

නිවස අසල කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්

Admin

කාගෙන්වත් අවසර එපා.. ශිවාජිලිංගම් “ජනසංහාර සතිය අරඹයි”. පළමු සැමරුමට පස් දෙනයි.. මහ සැමරුම මැයි 18

colombotoday