කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද(16) පෙරවරු 11.30ට පැවැත්විමට නියමිත බව කථානායක කාර්යාලය පැවසීය.
මන්ත්රීවරුන් අතර හටගත් නොසන්සුකාරි තත්ත්වයක් හේතුවෙන් ඊයේ (15) පාර්ලිමේන්තුව කල්දැමුණු අතර පසුව පැවැති පක්ෂ නායක රැස්විමෙන් අනතුරුව යළි අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබුණි.
ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා මෙම පක්ෂ නායක රැස්විම කැඳවා ඇති බව කථානායක කාර්යාලය සඳහන් කළේය.
එමෙන්ම විශ්වාසභංග යෝජනාව යළි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් එම රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වෙයි.