Colombo Today Local News

කටුවාපිටියේ මරාගෙන මැරුණු බෝම්බ කරුගේ බිරිඳ පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ඉන්දියානු රෝ බුද්ධි අංශ ඔත්තුකාරියක්

කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කල මොහොමඩ් හස්තුන් නැමැත්තාගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා නැමැත්තිය ඉන්දියානු රෝ බුද්ධි අංශ ඔත්තුකාරියක් බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී මාවනැල්ල බුදු පිළිම විනාශ කල පුද්ගලයින් බේරාගැනීම පිළිබඳව චෝදනා එල්ලවූ අසාද් සාලි ද මාධ්‍යයට පරකාශයක් සිදු කරන ලදි.

2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳව සියලු තොරතුරු ඉන්දීය රජයට ලබා දී ඇත්තේ මෙම සාරා නමැත්තිය බවට දැන් සැක පලවී ඇති අතර ඉස්ලාම් ත්‍රස්තවාදීන් සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අතර සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ ගැටුම අවස්ථාවේදී ඇය එම ස්ථානයෙන් මුදවාගෙන බෝට්ටුවක් හරහා ඉන්දියාවට ගෙන ගොස් ඇති බව මේ වන විට මාධ්‍ය වාර්තා පලවෙමින් පවතී. ඇයට පැන යාමට උදව් කිරීම සම්බන්දයෙන් පොලිස් පරීක්ෂක වරයෙක් ද මේ වන විට අත්අඩංගුවට පත්වී ඇත.

පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ කාන්තාවක් වන අතර අපොස උසස් පෙළ විභාගයට සුදානම් වන අවස්ථාවේදී එවක ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ මහ ලේකම් ලෙස කටයුතු කල අබ්දුල් රාසික් නැමැත්තා විසින් පැහැරගෙන විත් මොහොම්මුදු හස්තුන් නමැත්තාට මාලිගාවත්ත ප්‍රදේශයේදී විවාහ කර දුන් බවයි ඇයගේ මව කවිතා මහේන්ද්‍රන් සඳහන් කර සිටින්නේ.

තම දියණිය අබ්දුල් රාසික් විසින් පැහැරගෙන ගිය බවට පොලීසි ගණනාවකට පැමිණිලි ගණනාවක් කලද විදිමත් පරීක්ෂණයක් කර තම දියණිය ආපසු ලබා නොදුන් බවයි කවිතා මහේන්ද්‍රන් මහත්මිය සඳහන් කර සිටින්නේ.

Related posts

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස්ද?

Admin

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් ගල්කිරියාගමදී අල්ලයි

colombotoday

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවන්න රජයේ අවධානය

Admin

හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට !

colombotoday

බැදුම්කර බෑණා තවත් ආයතනයක් මිලට ගනී.. සජින් වාස්ට තැන අහිමි වෙයි

colombotoday

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

colombotoday