Colombo Today Local News

කටුනායකට ආ ගුවන් යානයක් මත්තල වී ගබඩාවට හරවා යවයි.

mattala_airport--621x414

කුවේටයේ සිට කටුනායක ගුවන්තොටුපළ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අද පෙ.ව. 7.00 ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළලට ගොඩ බස්සවා තිබේ.

අයහපත් කාල ගුණය නිසා ඇතිවූ හදිසි තත්වයක් මත මෙසේ යානය මත්තල ගුවන්තොටුපළට ගොඩ බැස්සවූ බවයි වාර්තා වන්නේ. එම යානයේ කාර්ය මණ්ඩලය 14 දෙනෙකු හා මගීන් 253 දෙනෙකු ගුවන් යානයේ ගමන්කොට තිබේ.

මත්තල ගුවන්තොටුපළ කාගෝ අංගනය වී ගබඩාවක් ලෙස භාවිතා කිරීමට රජය තීරණය කර තිබූ අතර දැනට එහි ගබඩා කර ඇති වී තොග වහාම ඉවත් කර ගන්නාලෙස ගුවන්සේවා අමාත්‍යවරයා විසින් පසුගිය දා නියෝග කර තිබුණා.

Related posts

සජිත් සහ බිරිඳ සුවය ලබයි

colombotoday

ශ්‍රී ලංකාව සියලුම විදේශ ණය ගෙවීම අත්හිටුවයි

colombotoday

ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්ව වැඩ කරන්න සුදානම් – එජාප නියෝජ්‍ය නායක රුවන් කියයි

colombotoday

“ආණ්ඩුව අවුලකට තල්ලු නොකර ඉන්න” – බ්‍රිතාන්‍ය උතුරේ මහ ඇමතිට කියයි

colombotoday

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහන ඇරැඹෙයි !

colombotoday

කැදල්ලක් තනන්න සිටි තරුණ යුවළක් ලොරි රථයකට ‍යට වෙයි

Admin