Colombo Today Local News

එල්ලා මරා දැමීම ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් 9 දක්වා යලි අත්හිටුවයි

අධිකරණය විසින් මරණ දඬුවම ලබා දුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කරවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මීට ඉහතදී පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගෝනු කර සිටි අතර එම පෙත්සම් සලකා බැලීම විනිසුරුවරුන් වන බුවෙනක අලුවිහාරේ, තුරෙයිරාජා, අමරසේකර යන මහත්වරුන් ඉදිරියේ අද (29) යලි කැඳවීය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.කේ සුමන්තිරන් අභියාචනා ඉල්ලීම පිළිගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ජනාධිපතිවරයාගේ මෙම බලතල පිළිබඳව ප්‍රශ්න කිරීමට අධිකරණයට විවස්ථාවෙන් ඉඩක් නොමැති බැවින් අභියාචනා ඉල්ලීම පිළිනොගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටි අතර නීතිඥ සංගමය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මෙම නඩුව ජනතා අවධානයට යොමු වී ඇති නඩුවක් බැවින් පුර්ණ විනිසුරු මඩුල්ලක් යටතේ විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයාගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම නැවත සලකා බැලීම දෙසැම්බර් 9 දක්වා කල් තැබූ අතර එදින දක්වා එල්ලා මරා දැමීමේ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ග කර සිටි අතර මෙම පෙත්සම අගවිනිසුරුගේ අවධානය වෙනුවෙන් යොමු කරසිටියා.

Related posts

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය

colombotoday

යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ පින්තාරු බාස් අත්අඩංගුවට

Admin

ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන වටලයි.

Admin

ඉන්ධන සහනාධාර ලැබෙන තෙක් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

colombotoday

ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකළ බඩල්කුඹුරේ තරුණයා අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අද

colombotoday