Colombo Today Local News

එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන ජනපති නියෝගයෙන් පූර්ණ විමර්ශනයක්

ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු විණැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරින්ට නියෝග කරයි.

ජාතික ගුවන් සේවය, ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමග කළ ගනුදෙනුවේ දී ඇතැම් පුද්ගලයන් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා අද (02) සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක සහ ඊයේ (01) අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක පළව තිබිණ.

මේ චෝදනා පිළිබඳව සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්ෂණයක් කොට ප්‍රතිඵල තමා වෙත දැනුම් දෙන්නැයි මාධ්‍ය වාර්තා දුටු ජනාධිපතිතුමා නියෝග කළේය.

Related posts

ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න

colombotoday

කාන්තාවන්ට දුන් තැන නොසළකා හරින්න පක්ෂ නායකයෝ එකඟ වෙති

colombotoday

මර්වින් සිල්වා එ.ජා.පයෙන් මැතිවරණයට ?

colombotoday

උගන්ඩාවේ සල්ලි ගේන්න පරම්පරාවේම සහය හිමි වෙයි

Admin

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

colombotoday

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ශාලාවක ගින්නක්

Admin