එක්සත් ජාතික පක්ෂය අතීතයේ සිට කම්කරුවා අමතක නොකළ බව තිරසර සංවර්ධන, වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
පසුගිය අවුරුදු 3 තුළ වත්මන් ආණ්ඩුවේ කම්කරු ඇමති සිටියේ වෙනත් පැත්තක බවත්, එහෙත් අද වන විට අපට අපේ කම්කරු ඇමති කෙනෙක් ලැබී ඇති බව හෙතෙම පැවසීය.
2020 වසරේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් අනිවාර්යෙන් පත්කරන බව අමාත්‍ය සරත්ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා සිය දේශනය අතරතුරදී “බලන් කඩතුරා හැර දෑසේ“ ගීතයේ කොටසක්ද ගායනා කළේය.