Colombo Today Local News

එජාපය ගොඩගැනීමට බුද්ධිය ඇති නායකයා ඔබ පමණයි. යුධ බිමේ හී පහර නොතකා පෙරට යන ඇත් රජෙකු සේ ඉදිරියටම යන්න.

පසුගිය සදුදා මල්වතු මහා විහාරයේ දී අනුනාහිමියන් බැහැ දුටු හිටපු කථානායකවරයා කෙරෙහි විශ්වාසය පළකල උන් වහන්සේ වැදගත් ඉතිහාසයක් සහිත එක්සත් ජාතික පක්ෂය පත්ව ඇති ඛේදජනක ඉරණම පිළිබදව තමන් වහන්සේ බෙහෙවින් කණගාටු වන බවද පැවසුහ.

මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුනායක හිමිපාණන් වහන්සේ

එක්සත් ජාතික පක්ෂයට උණු විපත්තිය හිතාගන්නත් අමාරුයි ඩී.එස් සේනානායක මැතිතුමා ඇතුළු මුස්ලිම්, හින්දු, සිංහල, ක්‍රිස්තියානි ඔක්කොම එකතු වෙලා හදපු පක්ෂය ඒකනෙ එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නෙ. මේක කොච්චර කාලයක් ආණ්ඩු බලය තියාගෙන රට පාලනය කරාද. ඩී.එස්.සේනානායක මහත්තයා මොනතරම් විශිෂ්ඨ සේවයක් කරලා තියනවද ජනවාස වල පදිංචි කරන්න එතුමානෙ කටයුතු කළේ. එහෙම පක්ෂයක් අන්තිමටම බින්දුවටම වැටුණා. ඒක අනිත් පක්ෂ වලටත් හොද ආදර්ශයක්.

ඔබතුමා මේ කටයුත්තට සුදුස්සෙක්, දීර්ඝ පළපුරුද්දක් ඔබතුමාට තියනවා. හමුදාවල ඉදලා, ව්‍යාපාර ක්ෂේත්‍රවල ඉදලා, කොළඹ නගර සභාවෙ නගරාධිපති වෙලා ඉදලා, මන්ත්‍රී වෙලා ඉදලා, ඇමති කෙනෙක් වෙලා ඉදලා, ඊ ළගට පාර්ලිමේන්තුවෙ ප්‍රධානියා බවට පත් වුණා දීර්ඝ කාළයක්. ඒ වගේම ඔබතුමාට ගල්,මුල්,මිරිස්කුඩු ප්‍රහාර ආවද, ඒවාට නොබියව අර යුද්ධයේ දී ඇතාට විදින ඊතල ඇතා ඉවසනවා වගේ ඔබතුමත් ඒ සියළු දේ ඉවසලා ඒ කටයුතු කළා එහෙම ඉවසීමේ ශක්තියක්, ඒ වගේම බුද්ධිමත් භාවයක්, කාර්යශුරත්වයක්, ඒ ඔක්කොම තියනවා ඒ වගේම ඔබතුමාට ධන බලයත්, පිරිස් බලයත් තියනවා. ඔබතුමා කථානායක අසුනෙ ඉන්දැද්දි මේ ජාතින් එකතු කරන්න අපිත් එකතු කරගෙන ගිහිල්ලා තැන් තැන් වල රැස්වීම් තියලා සිංහල, දෙමල, මුස්ලිම්, හින්දු, කතෝලික, මේ සියළු දෙනා එකතු කරගෙන, මේවා සත්පුරුෂයන්ගෙ ලක්ෂණ

Related posts

කොටහේන 6වන පටුමගේ වෙඩිතැබීමක්

Admin

රත්තරන් මිල පහළට

colombotoday

ජනපතිගේ දොස් මුරයෙන් ශ්‍රී ලංකන් තීරණයක් ගනී.. ‘බල්ලෙකුටවත් කන්න බැරි කජු‘ භාවිතයෙන් ඉවත් කරයි..

colombotoday

උතුරු නැගෙනහිර සෑම විහාරස්ථානයකටම හමුදා ආරක්ෂාව

colombotoday

ඇමරිකානු හමුදා බලඇණියක් ත්‍රිකුණාමලේ !

colombotoday

ඔමික්‍රෝන් හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ කටයුතු ඇරඹේ

colombotoday