Colombo Today Local News

උසස් පෙළ විභාගය පිළිබඳ විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින යැයි සඳහන් කර සමාජ මාධ්‍ය ජාලා තුළ මේ දිනවල හුවමාරු වන කාල සටහනේ කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසයි.
කොමසාරිස්වරයා අවධාරණය කරන්නේ විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙස පාසල් ප‍්‍රජාව ප‍්‍රමුඛ සියලූ‍ දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ රටේ සමස්ත අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ ඉතා දූරදර්ශී ලෙසයි. ඇතැම් පාර්ශව විසින් සමාජය නොමඟ යවනසුළු මෙබඳු පුවත් පළ කිරීම ඉතා කනගාටුදායක බව ද විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙනවා.

එම සාවද්‍ය ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

Related posts

ඇප ලැබුණු පොඩි ලැසී ඉන්දියාවෙන් මතුවෙයි

Admin

අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

නාවික හමුදාවේ දෙදෙනෙක් ගංජා සමග අත්අඩංගුවේ

colombotoday

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් සඳුදා සහ බදාදා පමණයි

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට…

colombotoday

බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතුයි

colombotoday