Colombo Today Local News

උද්ධමනය ඉහළට…

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.4 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.2 දක්වා ඉහළ ගියේ ය. 2019 ජනවාරි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයේ දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා පදනම් බලපෑම සහ ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතු විය. ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.7 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 6.5 දක්වා ඉහළ ගියේ ය. කෙසේ වුව ද, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට -4.5 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට -4.8 දක්වා තවදුරටත් පහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ වෙනස, 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.1 සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.8 දක්වා පහළ ගියේ ය.

2019 ජනවාරි මාසයේ දී ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සියයට 0.2ක් විය. ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, නිවාස, ජලය, විදුලිය ගෑස් සහ වෙනත් ඉන්ධන උප කාණ්ඩය (නිවාස කුලී) වැඩි ම ඉහළ යෑම වාර්තා කළේ ය. තව ද, මාසය තුළ දී මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ; රෙදිපිළි සහ පාවහන්; සහ ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ද ඉහළ යෑමක් වාර්තා කළේ ය. මේ අතර, ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් පහළ ගිය අතර එළවළු, පොල්, දෙහි, ලොකු ලූණු, අර්තාපල් සහ අමු මිරිස් ඒ අතර ප්‍රමුඛ විය.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 3.1 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 5.1 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය ද 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.4 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 2.7 දක්වා ඉහළ ගියේ ය.

biz.adaderana

Related posts

දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

Admin

චරිතට කෝප් කමිටුවට පැමිණ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහි යුද අපරාධ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

ධම්මික නොසැලෙයි.. කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

colombotoday

ඥානසාර හිමි මුණගැසෙන්නන්ගේ තොරතුරු අගමැති ගෙන්වා ගනී

colombotoday

කුලියාපිටියේ ග්‍රාම නිලධාරී වසම් 63ක අගුලු අරි

colombotoday