Colombo Today Local News

උද්දිකගේ පුරප්පාඩුවට එස්. සී. මුතුකුමාරණ

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතව තිබේ.

අද (27) කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණි.

ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බවත් වාර්තා වේ

1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් අදාළ දැනුම්දීම සිදුකර තිබුණාය.

ඒ අනුව එස්. සි. මුතුකුමාරණ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගෙන් පසු එම ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගෙන ඇති නිසා එම ධූරයට පත්කිරීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාව අනුමත කිරීමෙන් පසු එස්. සි. මුතුකුමාරණ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කිරීමට කටයුතු සිදු වේ.

Related posts

“දැයම එක රොදකට”- ගම්පහ විද්වත් කතිකාව. Live

colombotoday

වද සැත්කම් චූදිත වෛද්‍ය සාෆි ගැන ගැන සීඅයිඩිය අලූතින් පරීක්‍ෂණ අරඹයි

colombotoday

“යහපාලනය ඇතිවී වසරක් ගියත් වංචා දූෂණ අඩුවක් නෑ” – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් කියයි

colombotoday

ඌවේ දෙමළ පාසල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට විශේෂ කමිටුවක්…

colombotoday

අධ්‍යක්ෂවරිය වෙනුවෙන් රේගුවට, සුරාබදු වෘත්තිය සමිති 14ක් එක් වෙයි.

colombotoday

රෝ සංවිධානයෙන් මෙහෙයවන පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ… මහා පාවාදීමකට සැරසෙයි !

colombotoday