Colombo Today Local News

උතුරේ බොදු උරුමය රැකගන්න ඤාණසාර හිමියෝ මුලතිව් පදිංචියට !

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥයන් පිරිසක් ශ්‍රී  ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උතුරු පළාතට අදාළ නොවන බවට කළ ප්‍රකාශය ගැන අතිශයින්ම කම්පාවට පත්වන බවද උතුරේ බොදු උරුමයන් රැකගැනීම වෙනුවෙන් තමන් වහන්සේ මුලතිව් ප්‍රදේශයේ පදිංචියට යෑමට තීරණය කළ බවද කියා සිටියහ.

පොලිස් නිලධාරීන් බලා සිටියදීම ඉකුත් විසි දෙවැනි දින මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහ විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව මතට නැඟුණු පිරිසට එරෙහිව මේ වනතුරුත් නීතිය ක්‍රියාත්මක වී නැතැයි විහාරස්ථ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න මහතා ඊයේ (25දා) පැවැසීය.

වාහන කිහිපයකින් පූසාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැමිණි අසූවක පමණ පිරිසක් ඊයේ (25දා) විහාර භූමියට ඇතුළු වී එහි පැය භාගයක පමණ කාලයක් ගතකොට ඡායාරූපද රැගෙන ආපසු ගිය බවත් තමන් වහන්සේ හමුවට නොපැමිණි බවත් ගුරුකන්ද විහාරාධිකාරි මිහිඳුපුර රතනදේවකිත්ති හිමියෝ පැවැසූහ.

Related posts

අද කොචිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

සති තුනක් තුල කල වැටලීම්වලදී ගිනි අවි 122ක් අත්අඩංගුවට

colombotoday

දයාසිරි මහින්දගෙන් සමාව ගත්තා. ජනාධිපතිවරණයට මෛත්‍රී හෝ ගෝටා – ඩිලාන්

colombotoday

දහම් පාසල් වහයි

colombotoday

ජාතියේ ඉරණම තීන්දු කරන තීරණාත්මක මොහොතේ සියළු දේශප්‍රේමීන්ට ඥාණසාර හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

කොරෝනා මෘත දේහ බහාලන්න කාඩ්බෝඩ් මිනිපෙට්ටි හදයි

colombotoday