Uncategorized

උණ්ඩ 93ක් සමඟ මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් අත්අඩංගුවට

මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා බියගම, මල්වත්ත, මල්වාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බෝර 12 වර්ගයේ උණ්ඩ 93 ක් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

යුද හමුදාව සහ පොලිසිය එක්ව මොහොමඩ් අලි හසන් මහතාගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම උණ්ඩ තොගය සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මොහොමඩ් අලි හසන් බියගම පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය කියා සිටී.

Related posts

පවිත්‍රාට කැපිල්ලක්

Admin

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

colombotoday

බුදු පිළිම කැඩූ 7ක් මාවනැල්ලෙන් අත්අඩංගුවට

colombotoday

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම්… විසි එක අද සිට බලාත්මකයි

Admin

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday

ජෙයරාජ් ඇතුළු 16ක් ඝාතනයට සැක දෙදෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday