Colombo Today Local NewsHot News

ඉස්ලාමීය අන්තවාදය එරෙහිව හින්දු එකමුතුව විරෝධතාවක – අන්තවාදයට එරෙහිව එකතුවන්න රටට හිතැති සැමගෙන් ඉල්ලයි.

ආගමික ජාතික සමගියට බාධා කරමින් රට පුරා ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාවලට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා හින්දු සම්මේලනය, හින්දු සංවිධානවල සංධානය එකතුව අද විරෝධතාවක නියැලුනා.
[mom_video type=”youtube” id=”hiKKXVEbUmM”]
කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවති මෙම විරෝධතාවේ දී හින්දු සම්මේලනයේ සභාපති එන් අරූන්කාන්තන් මහතා අදහස් දක්වමින් “අවුරුදු තිහක් පුරාවට  දමිළ අන්තවාදීන් සිංහල එනම් රටේ හමුදාවත් සමග යුධ ගැටුමක් තිබුණත් එම කාලය තුළදීවත් කිසිදු අවස්ථාවක බෞද්ධ ජනතාව විසින් හින්දු ආගමික කටයුතු වලට කිසිදු අයුරකින් බාධා කර නොමැති බවත්, දැන් දැන් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් හින්දු ආගමික කටයුතු වලට මෙන්ම අනෙකුත් ආගමික කටයුතු වලටත් හිරිහැර සිදු කරන වාතාවරණයක් උදා වී ඇති බවත්“ අවධාරණය කළා. කොටහේන බාබර් වීදියේ හින්දු කෝවිලේ ආගමික කටයුතු වලට එරෙහිව ක්‍රියාත්මක වන අන්තවාදී තර්ජණය එයට හොදම උදාහරණයක් බවත් ඔවුන් පවසනවා.
මේ වන විට නැගෙනහිර පළාතේ ද හින්දු ජනයා සතු ඉඩම් මහා පරිමාණයෙන්  අත්පත් කරගැනීමේ ජාතිවාදය පදනම් කරගත් වැඩපිළිවෙලක් මහ ඇමතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණළි කළත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඔවුන් පවසනවා.  රට පුරාම ක්‍රියාත්මක වන ආගමික අන්තවාදය එයට හේතුව බවයි විරෝධතාවට එක්වූ අය පවසන්නේ. එමෙන්ම මද්රසා නමින් පවත්වාගෙන යන ආගමික පාසල් තුළ සිදු වන්නේ මොනවාදැයි සොයා බලන ලෙසත් ඒවායේ ක්‍රියාකාරම් දෙස බුද්ධි අංශවල අවධානය යොමු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.
ආගමික අන්තවාදයට එරෙහිව රටට හිතැති බෞද්ධ, හින්දු, ඉස්ලාම් සියළු දෙනා එකට එකතු වන ලෙසද ශ්‍රී ලංකා හින්දු සංවිධානවන සංධානය වෙනුවෙන් එන් අරූන්කාන්තන් මහතා ඉල්ලා සිටියා.

Related posts

“ෆෙඩරල් ව්‍යවස්ථාව යනු ඊළාම් රාජ්‍යයේ ඔප්පුවයි” ඇල්ලේ ගුණවංශ නාහිමි

colombotoday

නැගෙනහිර පර්යන්තය ගැන 2019 ගිවිසුමට අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා – ඉන්දියාව

colombotoday

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරිනීතිය පැනවේ

colombotoday

හිටපු කොටි සාමාජිකයෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රැකියා ඉල්ලා උද්ඝෝෂණයක

colombotoday

මන්ත‍්‍රීවරුන් 5ක් එජාපයෙන් නෙරපයි

colombotoday

පෝරකය සූදානම්… අලුගෝසු තනතුරට විදේශිකයෙක් ගෙන්වන්න යයි…

colombotoday