Colombo Today Local News

ඉරාජ් නිකුත් කර ඇත්තේ නිර්ලජ්ජිත වීඩියෝවක්. මේවා කරන්නේ පහත් මානසික තත්ව ඇති පුද්ගලයන් – ඇමති නවීන්

ඉරාජ් වීරරත්න විසින් නිකුත් කර ඇති ගීතයක අන්තර්ගත වීඩියෝවක් පිළිබඳව අමාත්‍ය නවීන් දිසානායක මහතා facebook සටහනක් තබමින් අදහස් පල කර තිබෙනවා.
ඒ මෙසේයි….

“මගේ දෙමවුපිය අභාෂයෙන්, නිතැතින්ම කලාකාමී නිර්මාණ වලට නිරන්තර අතහිත ලබා දෙන පුද්ගලයකු ලෙස මේ සටහන ලිවීමට මුලික පදනම වනුයේ ඉරාජ් නම් පුද්ගලයා විසින් මැතකදී නිකුත් කර ඇති නිර්ලජ්ජිත වීඩියෝවයි. අප ශ්‍රී ලංකික ජාතියක් විදිහට අනුකම්පාවෙන් අනෙකා දිහා බැලීමට හුරු වී ඇත්තෙමු, නමුත් සැම දෙයටම සීමාවක් තිබිය යුත්තේ මෙය ඔහුගේ පළමු අවස්ථාව නොවන බැවිනි. අනෙකුන්ගේ පුද්ලිකත්වය ඔහුන්ගේ අදායම් මාර්ගය කරගන්නා පුද්ගලයන් සමාජයක සලකන්නේ පහත් මානසික තත්ව ඇති පුද්ගලයන් ලෙසය. තව නොබෝ දිනකින් අප පවත්වන්නට යෙදෙන සිංහල හින්දු අවුරුද්ද අබියස සිටිමින් මෙවන් වීඩියෝ වක් නිකුත් කිරීම තුලම ඔහුගේ යටි අරමුණු මනාවට පැහැදිලි වෙයි. දේශප්‍රේමය තම දේශපාලනය කරගත් දේශපාලන කණ්ඩායම් තුරුලේ සිටිමින් ඔබගේත් මගෙත් දරැවන්ගේ අනාගතය හීන කිරීමට සැරසෙන මෙවන් දුර්වලයන් හදුනා ගනිමු.

අප ශ්‍රී ලංකික ජාතිය අතීතයේදී නොයෙකුත් තාඩන පීඩන වලට ගොදුරු උවද තවමත් නොසැලී ඉන්ද්‍ර කිලයක් සේ නැගී සිටියි. මෙවන් පුද්ගලයන් කෙරෙහි තව දුරටත් අප නිහඩව සිටිය යුතු නැත. ඔබගේ දරුවාගේත් අපේ අනාගත පරපුරේත් මතු ආරක්ෂාව හා සුභ සිද්ධිය වෙනුවෙන් අප මේවන් දේ ප්‍රත්ක්ෂේප කරමු, අප අනාගත පරපුරට සුරක්ෂිත සමාජීය තත්වයක් ගොඩනගමු. අපි නැගී සිටිමු, ශක්තිමත් ජාතියක් ලෙස තම අනන්‍යතාව සුරකිමින් මතු පරපුරට සුරක්ෂිත හෙට දවසක් උරුම කරමින්.

නවින් දිසානායක

Related posts

හුදෙකලා නොමැති ප්‍රදේශවල දහම් පාසල් ඇරඹෙයි

colombotoday

ඉන්ටවල් ඉවරයි… තනතුරු නැතිව බෑ… මුස්ලිම් ඇමතිලා එන සතියේ යළි දිවුරයි !

colombotoday

පොදු ප්‍රවාහන භාවිතයට අදාළව නිරෝධායන නියෝගයක්

colombotoday

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන්වලින් වළකින්න ජනපති දැනුම් දෙයි

Admin

උතුරේ විහාරස්‌ථානවල ඉදිකිරීම්වලටත් නඩු… බෞද්ධ විරෝධී වැඩ ගැන ආණ්‌ඩුව නිහඬයි

colombotoday

බන්ධනාගාර තුළ ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන් කැඳවයි

colombotoday