ඉන්දියාවේ රැඳී සිටි ශ්රී ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් (24)දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට අද පස්වරු 2.40 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1192 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.