Colombo Today Local News

ඉදිරි මැතිවරණ තරග බිමට සන්ධාන 3ක්…

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් පුළුල් දේශපාලන සන්ධාන තුනක් ඉදිරි සති කිහිපය තුළ බිහි වන බව දේශපාලන ක්ෂේත්‍රයෙන් වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ තවත් පක්ෂ කිහිපයක් එක්ව පුළුල් සන්ධානයක් බිහි කිරීම සම්බන්ධයෙන් මේ වන විට අවසන් සාකච්ඡා පවත්වා ඇත.

එම පෙරමුණ ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය’ යනුවෙන් නම් කර ඇත.

එලෙසම පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව තවත් පක්ෂ රැසකගේ සහභාගිත්වයෙන් සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව

ඒ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා සිදු කරමින් සිටී.

‍ෙම් අතර එම ප්‍රධාන පක්ෂවලින් ඉවත් වූ දේශපාලන නායකයන් ඇතුළු වාමාංශික දේශපාලන මත දරන කණ්ඩායම් එක්ව සන්ධාන ගත වී මැතිවරණයට තරග කිරීමට සූදානම් වන බව පැවසේ.

Related posts

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කෙරුණ ද හුදකලා කර ඇති ප්‍රදේශ මෙන්න

colombotoday

‘ඉතා විශිෂ්ඨ ලෙස ශ්‍රේෂ්ඨ විදිහට අපි ජාතික ආරක්ෂාව බලාගන්නවා… අබ පියල්ලක හානියක් නෑ’

colombotoday

අභ්‍යන්තර පරීක්ණයට ඇඟිලි ගහන්න කොටි ඩයස්පොරාවෙනුත් විදෙස් විනිසුරු මඩුල්ලක්

colombotoday

අද සිට අඩුවන භාණ්ඩ 15 මිළ ගණන් මෙන්න

colombotoday

නිදහස් පක්ෂ විශේෂ නියෝජිත සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

colombotoday