Colombo Today Local News

ඉතිහාසයේ ප්‍රථම වතාවට අසාද් සාලි ජාතික විභාගවල ප‍්‍රතිඵල ජාතිය අනුව විශ්ලේෂණය කර ඉල්ලයි.

පසුගිය ජාතික විභාගයන්හි ප‍්‍රතිඵල ජාතිය අනුව විශ්ලේෂණය කර වාර්තාවක් එවන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද්සාලි මහතාගේ උපදෙස් මත පළාතේ සියලූම පාසල්වලට ලිඛිතව දැනුම් දෙනු ලැබ ඇත.

 මෙහිදී ජාතිය යනු සිංහල මාධ්‍ය හෝ දෙමළ මාධ්‍ය හෝ නොව සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස සැලකිය යුතු යැයි ද විදුහල්පතිවරුන්ට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ. පසුගිය 2017 වසරේ සිට මේ දක්වා උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රතිඵලවලට අදාළව මෙම විශ්ලේෂණය එවන ලෙසද තවදුරටත් දැනුම් දෙනු ලැබ ඇත. ඊට අදාළ ආකෘතියක් ද විදුහල්පතිවරුන්ට යවා ඇත.

 ජාතික විභාග හෝ වෙනත් කවර හෝ විභාගයකට අදාළව ජාතිය අනුව විභාග විශ්ලේෂණයන් සිදුනොකෙරෙන අතර මෙවන් ඉල්ලීමක් කෙරෙන ප‍්‍රථම අවස්ථාව මෙය බව විදුහල්පතිවරු පවසති. මෙය කුමන අරමුණක් මත කරන ඉල්ලීමක්ද යන්න ගැටලූවක් බවත් ඔවුහු සඳහන් කරති.

Related posts

පක්ෂීන්ගේ ඖෂධ නීතිවිරෝධීව ආනයනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

එදා කොටින්ට බයේ හැංගිලා සිටි අය අද හමුදාවට ගරහනවා – යුද හමුදාපති

colombotoday

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් පතුරොම් ගබඩාවක් සොයා ගනී

Admin

දික්වැල්ලේත් වෙඩිතැබීමක්

Admin

සඳුදා සිට බදාදා තෙක් විදුලිය විසන්ධි කරන වේලාවන් නිකුත් කෙරේ…

colombotoday

ගිනිගත් නැවට ඇතුළුවී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

colombotoday