දෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විසි දෙනෙකුගෙන් යතු දූත පිරිසක් අද 13 පෙරවරුවේ ඉතාලිය බලා පිටත්ව ගියහ. ජනපතිවරයා වතිකානුවේ ද සංචාරය කිරීමට නියමිත අතර ෆ්‍රැන්සින් පාප් තුමන් බැහැදැකීමටද නියමිත බව වාර්තා වේ.
මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බටහිර අදිරාජ්‍යවාදී බලපෑම්වලට යටත් වී දෙමළ ඩයස්පොරාවේ උවමනා එපාකම් ඉටුකරමින් රණවිරුවන් පාවා දෙන බවටත්, රට ඉන්දියානු කොළණියක් බවට පත් කිරීමට පිඹුරුපත් සකස්කරමින් සිටින බවටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරමින් සිටින බවටත් චෝදනා කරමින් ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධය පලකරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇති අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට කලු කොඩි ඔසවා ඇති බවද වාර්තා වේ.