Colombo Today Local News

ඇමැතිකමෙන් රන්ජන් දොට්ට! – පෙර පරිදිම හැසිරුණොත් පක්‍ෂ සාමාජිකත්වයෙනුත් ඉවතට

රන්ජන් රාමනායක මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉතා ඉක්මනින් ඉවත් කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විට ඒ මහතා සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයෙන්ද, විවිධ පාර්ශ්ව ගණනාවකින්ද පැමිණිලි විශාල ප‍්‍රමාණයක් අගමැතිවරයා වෙත ලැබී ඇතැයිද දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිව පැමිණිලි ලැබෙමින් තිබෙන බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීමේ නිර්දේශය ජනාධිපතිවරයා වෙත යැවෙනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.

රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ නිසා ආණ්ඩුවද විශාල අපහසුතාවකට පත් වන බවත්, රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවද ඒ මහතා පෙර ආකාරයටම හැසිරුණහොත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉවත් කිරීමට සිදුවන බවත් ඉහත ප‍්‍රකාශකයා පැවසීය.

රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් කළ එවැනි බරපතළ ප‍්‍රකාශයක් හේතුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී කරුණු කීමටද පසුව මහනායක හිමිවරුන් බැහැදැක සමාව ගැනීමටද ඔහුට සිදුවිය.

Related posts

බැලුම්ගල පුරාවිද්‍යා භූමිය විනාශ කලේ එජාප මන්ත්‍රී චන්දිම ගමගේ දැනුවත්වයි – ගම්මුන්ගෙන් චෝදනා

colombotoday

කෘෂිකර්මයේ සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නවතයි

colombotoday

රත්‍රං මිල තවත් ඉහළ යයි

Admin

ඇමති අකිල විරාජ් ගෝඨාට අභියෝග කරයි

colombotoday

හිටපු ජනාධිපති මෛත්‍රීපාලට නොතීසි

colombotoday

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවයි

Admin