Colombo Today Local News

ඇමති ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුවක් සැප්තැම්බර් 11 කැඳවීමට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගන්නා දිනය නියම කිරීම සඳහා සැප්තැම්බර් මස 11 වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද (21)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

නඩුව සැප්තැම්බර් මස 11 වන දා යළි කැඳවන ලෙසත් එදින නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන දිනය නියම කරන බවත් මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් එකසිය පනස් තුන් දෙනෙක් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් එවක වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

Related posts

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

colombotoday

‘රජයේ දේපල විකිණීම ඉතාම වැදගත්“ – මහ බැංකු අධිපති

colombotoday

ලක්ෂ ගණන් මුදල්වලට ප්‍රභූන්ට උස්බකිස්තාන් තරුණියන් විකිනූ කරුණා අම්මාන්.

colombotoday

ATM කාඩ් වලට විද්ද තරුණයෙක් අත්අඩංගුවට

Admin

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin

ඇඟලුම් කොවිඩ් පොකුරක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි

colombotoday