Colombo Today Local News

ඇඳිරි නීතිය දැමු ප්‍රදේශවල වෙළදසැල් අද විවෘත කරයි

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ පිහිටි සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළදසැල් අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරිමට අවසර ඇති බවත් නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට යාමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

එලෙස විවෘතව ඇති වෙළදසැල් සඳහා සිය අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී පයින් ඇවිද යා හැකි දුරකින් පිහිටි ස්ථාන වෙත පමණක් යාමට ජනතාවට අවසරය හිමිවන බවත් නිධන්ගත රෝග සහ වයෝවෘද පිරිස් හැකිතාක් නිවසට වී සිටින ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී උපදෙස් ලබාදෙනු ලැබුවා.

මෙම අවසරය අනුව තමන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආදිය මිලදී ගැනීමට නිවසට ආසන්න වෙළඳසැල් වලට ගොස් අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා ලෙසත් එලෙස නිවෙස් වලින් බැහැරව යාමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගී කර ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

Related posts

ඇමතිකම් ගත් සියල්ලන් නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් නෙරපයි

colombotoday

කුවේටයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඥානසාර හිමි කුවේට් එම්බසියට

colombotoday

රන්වලට සිදු වුනේ අතපසුවීමක්

Admin

යුක්තිය මෙහෙයුමේදී තවත් 863ක් අත්අඩංගුවට

Admin

පෞද්ගලික බස් හිමියන්ගේ වැඩ වර්ජනය අවසන්

colombotoday

ගුරුහොරු 14ක්?

Admin