Colombo Today Local News

ඇදිරිනීතිය අස්සේ බස්නාහිරින් පැන්න අය සොයා පොලිස් මෙහෙයුම් ඇරඹෙයි…

ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බස්නාහිර පළාතේ සිට පිටත්ව ගොස් හෝටල් ලැගුම් හල් සහ නවාතැන් ගන්නා ස්ථානවල රැඳි සිටින පිරිස්වල තොරතුරු සෙවීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරිනීතිය පනවන බවට ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඇතැම් පිරිස් පොලීසිය සහ පොලිස් මාර්ග බාධක මඟහැර බස්නාහිර පළාතෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇත.

එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් නිරෝධායන නීතිවලට අනුව කටයුතු කිරීමට නියමිතය.

මේ අතර සඳුදා ඇඳිරිනීතිය ඉවත් කළ පසු නැවත කොළඹට පැමිණීමේ දී ද ඔවුන් කොළඹින් පිටත්ව ගිය ආකාරය පිළිබද ප්‍රශ්න කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

ඇඳිරි නීතිය කඩකළ 2797ක් අත්අඩංගුවට

colombotoday

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමක්

colombotoday

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05දෙනෙකුට කොවිඩ්

colombotoday

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට !

colombotoday

තිලීපන් සැමරුම් වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක්

Admin

උපන්දින පාටියට සම්බන්ද පිරිස නිරෝදයනය ට ගෙන ගිය බස් රථය ආපසු හරවන්න නියෝග කල පුවත බොරුවක්

colombotoday