Colombo Today Local News

ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරකිමින්, ඔවුන්ද සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් !

ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර සැමරුම් දිනය ආබාධිත තැනැත්තන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සමඟින් මෙවර සමරනු ලබන්නේ  ආබාධ සහිත පුද්ගලයින් විසින් ශ්‍රී  ලංකාවේ සංවර්ධනය පිණිස ලබා දෙන සුවිශේෂී දායකත්වය ඉතා ගෞරවාන්විතව සහ හෘදයාංගමව සිහිපත් කරමින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

2019 ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර සැමරුම් දිනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙවර හඳුන්වා දී ඇති තේමාව වන්නේ ” ආබාධ සහිත පුද්ගලයින්ගේ සහභාගීත්වය සහ ඔවුන්ගේ නායකත්වය ප්‍රවර්ධනය කිරීම ඔස්සේ 2030 සංවර්ධන න්‍යාය පත්‍රය මත කටයුතු කිරීම” යන්නයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් දෑ පහත පරිදි වේ,

“පසුගිය නොවැම්බර් 18 වන දින මා විසින් මෙරට ජනාධිපති ධූරය භාරගත් මොහොතේ සිට මාගේත් අප රජයේත් අපේක්ෂාව වනුයේ මගේ රටේ  සෑම පුරවැසියෙකුගේ ම ජීවිතවලට සෞභාග්‍යයයේ අරුනළු උදාවනු දැකීමයි.

එම ක්‍රියාවලිය තුළට “මෙරට වෙසෙන විවිධ ආබාධිත තත්ත්වයන් නියෝජනය කරන සෑම ශ්‍රී  ලාංකිකයෙක්ම පූර්ණ ලෙස සහභාගී කර ගත යුතු ය” යන්න මාගේත් අප රජයේත් අතිමහත් විශ්වාසය වී තිබේ.

 එහි දී ඔවුන් සතු විශේෂ අවශ්‍යතා මෙන්ම කුසලතා හඳුනාගනිමින් රටේ සාමාන්‍ය පුරවැසියන් ඉලක්ක කොට සිදු කෙරෙන සෑම සුභසාධන සහ සංවර්ධන වැඩ කටයුත්තක් තුළ ම එකී සහභාගීත්වය තහවුරු කළ යුතු අතර ඔවුන්ගේ එකී සහභාගීත්වයට දැනට බාධාකාරී වී ඇති භෞතික මෙන්ම ප්‍ර‍තිපත්තිමය බාධා ඉවත් කළ යුතුය යන්න මාගේ පිළිගැනීමයි.
 
ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන අභියෝගයන් ජය ගැනීමට අවශ්‍ය රැකවරණය හා සහයෝගය අප ලබා දිය යුතුය.

මෙහිදී අවධාරණය කළ යුතු කරුණ නම් සියලු දෙනාගේ ම අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන සමාජයක් තුළ සෑම තැනැත්තෙක්ම ප්‍ර‍තිලාභ ලබන බවයි. එබැවින් අප සමාජය තුළ ආබාධ සහිත පුද්ගලයින්ගේ පූර්ණ සහභාගිත්වය සාක්ෂාත් කරගැනීම පිණිස අප සියලු දෙනාටම සුවිශේෂී කාර්යයභාරයක් ඉටු කිරීමට ඇති බව අප වටහා ගත යුතුය.”

Related posts

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කියන්නේ රිෂාඩ්ගේ කුණු සෝදන ලොන්ඩරියක්

colombotoday

පාරම්පරික නිජබිම් පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට එරෙහි ආදිවාසී නායකයන් ගොනුකල පෙත්සමට දින නියම වෙයි

colombotoday

රනිල් එලවන සටන ඉවරයි.. ඔහුගේ කේන්දරය බලවත්… අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නේ නැහැ

colombotoday

සිසේරියන් සැත්කම්වලින් පසු – තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා !

colombotoday

නව යුද හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක !

colombotoday

වටවල පාසලක හදිසියේ ලෙඩ වුණු ළමුන් 12ක් රෝහල් ගත කරයි

colombotoday