Colombo Today Local News

ආනයනික පොල් තෙල් වර්ග රැසක් කෑමට තියා ඇගේ ගාන්නවත් සුදුසු නෑ – පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති

මෙරටට පරිභෝජනය සඳහා ගෙන්වන පොල් තෙල් වර්ග 134 කින් බහුතරයක් පරිභෝජනයට තබා ශරීරයේ තවරා ගැනීමටවත් සුදුසු නැතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති උදය රූපසිංහ මහතා ඊයේ (06 වැනිදා) පැවසීය.

මෙම ආනයනික තෙල් වර්ගවලින් පොල් සංවර්ධන මණ්ඩලයේ අධීක්ෂණයට ලක්වන්නේ තෙල් වර්ග 23 ක් බවත් නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා කුමන තෙල් වර්ග රටට ගෙන්වනවා දැයි යන්න නිශ්චිත තොරතුරු තම මණ්ඩලයට නොලැබෙන බවත් ඒ මහතා කීය.

මෙම නුසුදුසු තෙල් වර්ග භාවිතයෙන් කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා පිළිකා වැනි භයානක රෝගවලට ගොදුරුවීම වැඩිවී ඇති බව පැවසූ හෙතෙම රටට ගෙන්වන තෙල් වර්ග සම්බන්ධයෙන් රේගුව තම මණ්ඩලය දැනුවත් කරන්නේ නම් පොල් සංවර්ධන මණ්ඩලයට ඒ ගැන සොයා බැලීමට හැකි බවද කීවේය.

මේ වන විට වෙළෙඳපොළේ දේශීයව නිපදවන පොල්තෙල් වර්ග කිහිපයක් පවතින බවත් ඒවා පරිභෝජනයට ජනතාව පුරුදු විය යුතු බවත් රූපසිංහ මහතා කීය. විදේශයෙන් ගෙන්වන පොල්තෙල් වර්ගවල ගුණාත්මකභාවය සොයා වැටලීම් කළත් ඒවා නිෂ්පාදනය කරන ස්ථාන නොදන්නා නිසා නීති ක‍්‍රියාත්මක කිරීමේදී ගැටලූ ඇතිවන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන කැබිනට් තීරණය

colombotoday

සමාව ඉල්ලන ලියුමට රන්ජන් අත්සන් කරයි

colombotoday

අලුත්ගම, දර්ගා නගරයේ මුස්ලිම් පල්ලිය අසල ගගේ ගිල්ලවා තිබූ කඩු තොගයක් ගෙඩ ගනී….

colombotoday

රිය අනතුරකින් 19 හැවිරිදි තරුණිය මියයයි

Admin

නැති වුණු යතුරු පැදියක් එක්ක පොලිස් කොස්තාපල්වරයෙක් මාට්ටු

colombotoday

ඇමති නාමල් ගේ නම විකුණා අපරාධ සිදු කල අයෙක් අත්අඩංගුවට

colombotoday