Colombo Today Local News

ආණ්ඩුවට මෙතරම් බලය දීලා තියෙන්නේ ජනතාවගේ මනස විකෘති නිසා

වත්මන් ආණ්ඩුවට මෙලෙස බලය ලබා දී ඇත්තේ රටේ ජනනතාවගේ මනස විකෘති වී ඇති බැවින් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය. ‘ඔක්සිජන් කන්නද’ , ‘පරිසරවේදීන්ට මැන්ටල්’ වැනි කතා කියන ජනතාවක් විසින් රටට ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවට “හොරු රැලක්” පත්කරගෙන ඇතැයි ද ඇය පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ සමගි ජනබලවේග පක්ෂ මූලස්ථායේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“19 නිසා රටේ ජනතාව භුක්ති විඳින දේවල් ගැන තේරෙන්නේ ඕක නැති වෙච්ච දවසක. රටේ ජනතාව මහජනතාව විදිහට ඉන්නවද, නැතිනම් 18ට අපහු ගිහින් යටත් වැසියෝ විදිහට ඉන්නවද කියල තීරණය කළ යුතුයි. 18ට නැවත යනව කියන්නේ නැවත රාජපක්ෂවරුන්ට බලය ලබාදීම. සරත් වීරසේකර මහත්තය කියනව පළාත් සභා ඕනෙ නැහැ කියලා. නමුත් මේ ගොල්ලො කවදාවත් 13 අහෝසි කරන්නේ නැහැ. මොකද මේක රටවල් දෙකක් අතර ඇතිකරගත්තු ගිවිසුමක්. මම සරත් වීරසේකර මහත්තයගෙන් අහන්න කැමතියි දැන් රටේ ජාතික ප්‍රශ්නෙ විසඳිලද කියලා?

දේශපාලනඥයන්ට ජාතිවාදීව මේ ප්‍රශ්න දිගටම පවත්වාගෙන යන්න ඕන නිසා තමයි පළාත් සභා එපා කියන්නේ. මේ වෙලාවෙ ඉන්දියාව වචනයක් කතා කරපු ගමන් ඔය කට්ටිය හාන්සියි.

ඒ නිසා තමයි අපි 19 තවත් ශක්තිමත් කළ යුත්තේ. දහ අට ආයෙත් ආවොත් ජනාධිපතිගේ ධුර කාලය සීමාවක් නැතිවෙනවා. ගෝඨාභය මැතිතුමාගෙන් පස්සේ බැසිල්වයි, ඊට පස්සේ නාමල්වයි, රාජපක්ෂල විතරද මේ රටේ දේශපාලනය කළ යුත්තේ? සාමාන්‍ය දේශපාලනඥන්ට නැගිටින්න අවස්ථාවක් දෙන්නෙ නැද්ද? මොන කරුමයක්ද මේක? රාජපක්ෂල රඳා පවතින්නේ මිනිස්සු අතර ප්‍රශ්න ඇතිකරලා . මිනිස්සු බෙදල පාලනය කිරීම. අද ළමා අපචාර වැඩිවෙලා. ජනතාවගෙ මනස විකෘති වෙලා. එහෙම නැත්නම් මෙහෙම ආණ්ඩුවක් පත්කර ගන්නේ නැහැනෙ. ජනතාවට මේ දේවල් තේරෙන දවසට රට විනාශ වෙලා ඉවරයි.”

Related posts

ගෝඨා ගැන කළ ප්‍රකාශයට සිවිල් සංවිධානවලින් මංගලට කනේ පහරක්

colombotoday

ජනපතිට එරෙහිව සමනළ විරෝධතාවක්… සමලිංගික කොඩි ඔසවා පාර්ලිමේන්තුව කැදවන්න ඉල්ලයි…

colombotoday

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම සුබ මොහොතින් ඇරඹේ

colombotoday

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday

නාකොටික් IP ​බාරවෙයි

colombotoday

“වැට් බදු ගෙවන්න බැරිනම් දුරකථන ඕෆ් කර දමන්න“ – ඇමති රාජිත

colombotoday