Colombo Today Local NewsCovid 19

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ් ආණමඩුවේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකුටයි.

ඉකුත් මස 16 වනදා ඩුබායි සිට මෙරටට පැමිණි ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ප‍්‍රතිිකාර සදහා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව පී සී ආර් පරීක්‍ෂණ 3 ක් සිදුකර ඇති අතර තුන් වන පරීක්ෂණයේදී ඔහු කොරෝනා වෛසරය ආසාදිතයයෙකු නොවන බවට තහවුරු වී ඇත.

ඒ අනුව ලබන මස 24 වැනිදා දක්වා සිය නිවසේ දී ස්වයංව නීරෝධායනය වන බවට දැණුම් දී ඉකුත් 10 වනදා ඔහු වැලිකන්ද රෝහලෙන් මුදා හැර තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 17 වනදා ඔහු හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ඔහුට නැවත කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ස්වයං නිරෝධායනය වෙමින් සිටි කාලයේ ඔහුගේ මවද නිවසේ රැදී සිට ඇති අතර මවද කඩිනමින් හලාවත මහා රෝහලට ඇතුළත් කර පී.සී.ආර්.පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

Related posts

පෘථිවියේ වේලාව වෙනස් වේ

Admin

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද ප්‍රමාදයි

Admin

ඇමරිකාවේ TikTok තහනම් ?

Admin

Passport Index ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව 83 වෙනි තැනට – වීසා නැතුව යන්න පුළුවන් රටවල් 12ක්

colombotoday

විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ හමුදා මැදිහත්වීමක් ඉල්ලයි

colombotoday

ජනපති-අගමැති කඹ ඇදිල්ලෙන් ආර්ථිකය හතරගාතෙන් වැටේ.. රුපියල ඉතිහාසයේ දරුණුම කඩා වැටීම වාර්තා කරයි

colombotoday