Colombo Today Local News

අළුත් ව්‍යවස්ථාවෙන් උපරිමයෙන් බලය බෙදා ගන්න දෙමළ-මුස්ලිම් සාකච්ඡා

tna muslim

සංශෝධනයට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙමළ සහ මුස්ලිම් අභිලාශයන් පුළුල් බලය බෙදීමක් මගින් ලබා ගැනීම සදහා අදහස් ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය (30)වන දින කොළඹ 7 විපක්ෂ නායක නිල කාර්යාලයේදී පැවැත්විණි.

දෙමළ සහ මුස්ලිම් ජනවර්ගය එකම භාෂාවක් කතා කරන එක් ජනවර්ගයක් ලෙස එක්වී 2016 වසරේ සකස් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිය අභිලාෂයන් දිනා ගැනීම සදහා දේශපාලන විසදුමක් ලබාගැනීම ඇතුළුව සියළු කරුණු වලදී එකම අදහස් ඉදිරිපත් කිරීමේ අරමුණින් මුස්ලිම් කොංග්‍රසය සමග එහිදී එකගත්වයකට පැමිණි බවද සිය අරමුණ වෙනුවෙන් අඛණ්ඩවම ඉදිරියටත් මුස්ලිම් කොංග්‍රසය සමග සාකච්ඡා කරන බවද ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.

මෙම සාකච්ඡාව සදහා විපක්ෂ නායක ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා, එම්.ඒ. සුමන්තිරන් සහ මුස්ලිම් කොංග්‍රස් නායක රාවූෆ් හකීම්, නිශාම් කාරියප්පර් ඇතුළු පිරිසක් සහභාගී විය.

Related posts

බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 12ක් රෝහලේ

colombotoday

දහම් පාසල් විෂයමාලාව සංශෝධනයට සැලසුම්

Admin

පහරදීම ගැන කරුණු කියන්න වැඩබලන පොලිස්පති පොලිස් කොමිසමට එයි – video

colombotoday

කුඩු අංජුගේ සමීපතමයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවේ

colombotoday

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ ගැටළුවක් නෑ… උපවාසයේ නිරත හිමිනමට මහානායක හිමි ඇතුළු දායක සභාවේ දැඩි විරෝධය !

colombotoday

රනිල් සල්ලිවලට 113 හැදුවා – පාර්ලිමේන්තුව විසුරුවාහැරි හේතුව විමල් කියයි…

colombotoday