Colombo Today Local News

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත්තා. දිනන්න පුලුවන්නම් ඉන්නවා. බැරිනම් යනවා. රනිල් කියයි

එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත් වන බවත් එය කළ නොහැකි නම් ඉවත්ව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ පැරණිතම සාමාජිකයින් පිරිසක් හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අරලියගහ මන්දිරයේ ඊයේ(12) උදෑසන පැවති හමුවකදීයී.

බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයින් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ පෙරවරුවේ අරලියගහමන්දිරයේදී පැවැත් විය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස පක්ෂය මූලිකත්වයෙන් පිහිටුවන සන්ධානය දිනවීම සිය යුතුකම බවයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී එම වගකීම ඉටුකළ නොහැකි නම් පිටව යෑම තමාට කිසිදු ගැටලුවක් නොවන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

වයස අවුරුදු 70 වන තෙක් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවන බවයි වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර තිබුණේය.

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගතහැකිනම් ඊට ඉදිරිපත් වන බවත් එය කළ නොහැකි නම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පිරිස හමුවේ පවසා තිබේ.

පක්ෂයේ නායකයින් රටට අහිමිවී යමින් තිබු පසුබිමක පක්ෂයේ නායකත්වය භාරගනිමින් අසීරුම කාලයේදී ක්‍රියා කළ ආකාරයත් පක්ෂය වැටුණු සෑම අවස්ථාවකම එය ගොඩගත් ආකාරයත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කර තිබුණි.

Related posts

වූහාන් මරු කටින් ගලවා ගැනීමට ඕස්ට්‍රේලියා රජය එරට පුරවැසියන්ගෙන් ඩොලර් 1000ක් අයකරයි…

colombotoday

සිනොෆාම් එන්නත දෙන්න දේශපාලන හිතවතුන්ට විතරක් රජමල්වත්තේ වෙනම ඇරුණු දොර

colombotoday

මඩකලපුවේ පන්සලක් ඩෝසර් කරලා.. පුරාවිද්‍යා රක්ෂිතය අල්ලා වී වගාකරයි

colombotoday

ඉරාන ජනපති මෙරට නිල සංචාරයක

Admin

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

colombotoday

අපි මේ රට අතහැර යන්නේ නෑ

Admin