Colombo Today Local News

අල්ලස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවලට නව සභාපතිවරු පත් කරයි.

commision

අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසූරිය පත්කර තිබෙනවා. මීට අමතරව හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වූ රංජිත් සිල්වා සහ නෙවිල් ගුරුගේ යන පුද්ගලයන් අල්ලස් කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇති බවයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ.

එමෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස ඞී. දිසානායක පත්කළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේක ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. ඒ.ඩබ්ලිව්.ඒ සලාම්, එම්.එස්. සෙනෙවිරත්න, ධාරා විජේතිලක, ප්‍රතාප් රාමුනුජන්, විජයලක්ෂ්මි ජෙගරාජසිංහම්, එම්.එල්.එම්. මෙන්ඩිස්, ආර්. රනුක්ගේ සහ සරත් ජයතිලක එහි සෙසු සාමාජිකයන්.

කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, පොලිස් සහ මානව හිමිකම් කොමිසම් සභාවලට ද සාමාජිකයන් නම් කර ඊට අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයාට යොමු කර තිබෙනවා.

Related posts

අරක්කු වෙනුවෙන් මැඩිල්ලේ හිමිගේ පන්සල රේඩ් කරලා. එහෙම දේවල් අපිනම් කලේ නෑ. | පා.ම රාජිත සේනාරත්න

colombotoday

ශ්‍රීලනිප පාක්ෂිකයෝ ඉන්නේ මෛත්‍රී මරාගෙන කන්න බලාගෙන.. අදටත් ශ්‍රීලනිප බහුතරය මහින්දටයි

colombotoday

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday

ණය ගැන සාකච්ඡා කරන්න චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් දිවයිනට

Admin

කොළඹ අහසින් යන්න ගාස්තු වැඩි වෙයි

Admin

සිවිල් වැසියකුට පයින් ගැසූ හමුදා නිලධාරියා‌ට වැඩ වරදී

colombotoday