Colombo Today Local News

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපති අත්සන් කරයි

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපිලේඛනවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (06 දා) අත්සන් තැබීය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000 කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමුකළ යුතුව තිබේ.

හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යෑයි දන්වා ඇති එම සියලු ලිපිලේඛන ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ පරීක්‍ෂාවට ලක්‌වූ අතර අනතුරුව ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එම ලිපි ලේඛන සහතික කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එකී ලේඛන සිංගප්පුරු රජයේ බලධාරීන් වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග පැවසීය.

Related posts

ඇගළුම් කම්හලේ සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වහාම ස්වයං නිරෝධායනය වන්නැයි රජයෙන් නිවේදනයක්

colombotoday

කොරෝනා මුස්ලිම් මරණ භුමිදානය කරන්නේනම් එයට රාජපක්ෂ පවුලේ සුසාන භුමිය යොදා ගන්න.

colombotoday

ජනපතිට “සිංහලේ“න් සැර ලිපියක්.. ශ්‍රීපාද අරාබි ඉදිකිරීම් සහමුලින්ම නවතනතුරු මාරාන්තික උපවාසයක්

colombotoday

සියලුම කම්කරු කාර්යාල සෑම සිකුරාදා ම වසා තැබේ

colombotoday

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක්

Admin

මුදල් ත්‍යාග ලැබෙන්නෙ විදෙස් ගිනිඅවි ගැන තොරතුරු දුන්නොත් පමණයි

Admin