Colombo Today Local News

අරක්කු, සිගරට් මිළ ඉහළට, අලුත් වාහනවලට අලුත් බද්දක්, 5 වැනිදා ගේන අයවැයෙන් වෙන්න යන දේවල් මෙන්න

ලබන අඟහරුවාදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මැතිසබයට ඉදිරිපත් කරන අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 3000/-කට නොඅඩු වැටුප් වර්ධනයක් ලබාදීමට යෝජිත යැයි රජයේ ආරංචි මාර්ග කියයි. එම වැටුප් වර්ධන ලබන අගෝස්තුවෙන් පසු රජයෙ ‍සේවකයන්ට ලබාදීමට තීන්දු කරඇතිබවද සඳහන්වේ.

එසේම විශ්‍රාමිකයන්ට ද රුපියල් 1500/-කට නොඅඩු වැටුප් වර්ධකයක් හිමිවීමට ඉඩ ඇත. මේ හැර අලුතෙන් 10,000කට පමණ සමෘද්ධි සහනාධාර ලබාදීමට යෝජනා කරන බවද සඳහන් වෙයි.

මෙරටට විශාල විදේශ විනිමය ආදායමක් උපයා දෙන විදේශ ගෘහ සේවයේ නියුතු ගෘහ සේවක සේවිකාවන් සිය සේවා කාලය නිමවා මෙරටට පැමිණි පසු ඔවුන්ට ව්‍යාපාරයක් ඇරඹීමට හෝ නිවාසයක් ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ 25/-කට නොඅඩු ණය මුදලක් ලබාදීමේ යෝජනාවක් ද ඇතැයි කියැවේ. මෙය දිගු කාලයකින් නැවත පියවිය යුතු සුළු පොලියකට ලබාදෙන ණය මුදලකි. එසේම ත්‍රිරෝද රථ හිමියන්ට ද වාහනයක් මිලදී ගැනීමට සහන පොලියට ණය මුදලක් ලබාදෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මේ හැර වාහන ආනයනයේදී මෙතෙක් අය නොකළ 15%ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බවද ආනයනික භාණ්ඩ සඳහා පැනවෙන රේගු බද්ද 5% ඉහළ දැමීමට ඉඩ ඇති වගද දැනගන්නට තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුව රුපියල් බිලියන 115ක පමණ නව ආදායම් සපයා ගැනීමට අවශ්‍ය බැවින් මෙම බදු පැනවේ. ඒ අනුව වාහන හා සියලු ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑමට ඉඩ තිබේ. සිගරැට් හා මත්පැන්ද අයවැයෙන් මිල නැංවෙනු ඇතැයි කියැවේ

Related posts

නිවසේ ළිඳට වැටී දැරියක් මරුට

Admin

“පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 ය වහාම සෞඛ්‍ය අමාත්‍යාංශ භාරයට ගන්න.”

colombotoday

සුදුසුකම් නොලත් තානාපතිවරුන් සහ මහකොමසාරිස්‌වරුන් 17 දෙනෙකු තානාපති සේවයට – ගයන්ත කරුණාතිලක

colombotoday

“ගැටුම් ඇති කරගෙන රජයෙන් ඉවත්වෙන්න හෝ අමාත්‍ය ධූරය අතහැරීමට සුදානම් නෑ “

colombotoday

රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත් කිරීමේ බලය අමාත්‍යවරුන්ගෙන් ඉවතට…

colombotoday

පාර්ලිමේන්තු සභා ගැබේ එල්ලා ඇති මහ පහන කඩා වැටේ !

colombotoday