Colombo Today Local News

අපේ වැඩි උනන්දුව සජිත්ට සහය දක්වන්නයි – රවුෆ් හකීම් කියයි

ඉදිරි ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇති බවට සිතන බවට ඔහුට සහාය දැක්වීමට වැඩි උනන්දුවක් තිබෙන බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවැසීය.

ඊයේ (17දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“අපේක්ෂකයෝ ගැන තමයි අපේ අවධානය යොමුවෙලා තිබෙන්නේ. ජනප්‍රිය අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වෙයි කියා හිතනවා.

තාම ඒ පිළිබඳව අන්තිම තීරණයක් ලැබුන්නැති පාටයි. එන සතියේදී මේ ගැන තීරණයක් ලැබේවි කියා බලාපොරොත්තුවෙනවා. ඊට පස්සේ තමයි අපේ තීරණය ගන්නේ.

අපි ගන්න තීරණය සෙසු පක්ෂත් සමග එකතුවෙලා ගන්නේ. සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලැබෙයි කියලා හිතනවා. ඔහුට සහාය දැක්වීමට වැඩි උනන්දුවක් තිබෙනවා.”

Related posts

ඩිජිටල් ඇමතිගෙන් තරුණයන්ට ලාබෙට ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට්

colombotoday

ලංකාවට එන විදේශිකයන්ට ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක්

Admin

රත්නපුර සිරිපාගම ප්‍රදේශයට සංචරණ සීමා

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

එළුවෙක් නිසා මිනිහෙක් කපා ඝාතනය කරයි

colombotoday

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් අධිකරණය හමුවට

colombotoday