Colombo Today Local News

අනර්කලී සොයා FCID ඇමරිකාවට

Anarkali-Akarassha-New-Photos-24ශ්‍රී ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම (CHOGM) සංවිධානය කිරීමට එක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීනී හා නිළියක වන අනර්කලී ආකර්ශා සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු ඇමරිකාවට යාමට සූදානම්වන බව වාර්තා වේ.

ඒ අනර්කලී මේවන විට පදිංචිව සිටින්නේ ඇමරිකාවේ බැවිනි.

ඇය සම්බන්ධ කරුණු තහවුරුකර ගැනීමනේ පසුව ඒ පිළිබඳ අධිකරණයට තොරතුරු වාර්තා කිරීමටත්, ඒ හරහා ඇයට අධිකරණය හමුවේ පෙනී සිටීමට ඉල්ලීමක් කිරීමටත් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය සැලැසුම්කර ඇත.

කෙසේවුවද, ඇය අධිකරණ නියෝග පැහැරහැරියහොත් ඇයට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබා ගැනීමටද FCID ය සැලැසුම්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Related posts

මුහුදු වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin

වැඩි කළ ජල ගාස්තු මෙන්න

Admin

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

colombotoday

කැබිනට් මණ්ඩලය ගත් විශේෂ තීරණ කිහිපයක්

Admin

රටේ ජාතික ගීය එකක් විය යුතුයි. නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි

colombotoday

‘විශ්ව රූ රැජින කිරුළ’ මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා දිනා ගනී

colombotoday