Colombo Today Local News

අටලූගම මුස්ලිම් කතගේ පැමිණිල්ලෙන් පසු එවැනි පැමිණිලි සිය ගණනක් බොදුබල සේනාවට ලැබුණා

සිංහල ස්වාමිපුරුෂයකු විවාහ කරගැනීම හේතුවෙන් සිය සමාජයේ තාඩන පීඩන හා කරදරයන්ට මුහුණ දුන් බණ්ඩාරගම අටලූගම මුස්ලිම් ජාතික කාන්තාවගේ හෙළිදරව් කිරීමත් සමග එවැනි ආකාරයේ පැමිණිලි සිය ගණනක් තම සංවිධානයට පසුගිය දින දෙක තුළ ලැබී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (04 වැනිදා) පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කර සිටියි.

දුරකථන මාර්ගයෙන් සහ තවත් නොයෙකුත් ක‍්‍රම මගින් එවැනි ආකාරයේ සිදුවීම් රටේ හතර දෙසින් දිගටම සිය සංවිධානයට ලැබෙමින් ඇති බවත් උන්වහන්සේ පැවැසූහ.

අටලූගම මුස්ලිම් කාන්තාව මාධ්‍ය ඉදිරියේ නොබියව පෙනී සිටීම එවන් පීඩනයන්ට මුහුණ දුන් අනෙකුත් කාන්තාවන්ට විශාල උත්තේජනයක් වී ඇති බව පැවසූ ඥානසාර හිමියෝ මෙවැනි ආකාරයේ හෙළි කිරීම් රැුසක් ඉදිරියේදී සිදු කරන බවද කීහ.

ඉහත කාන්තාව සිදුකළ හෙළි කිරීමෙන් නිරුවත් වූ බොහෝ පාර්ශ්වයන් කලබලයට පත්ව ඇති බවත්, එහෙයින් අදාළ කාන්තාවට නොයෙක් ආකාරයේ චෝදනා එල්ල කිරීමට පෙළඹී ඇති බවත් ඥානසාර හිමියෝ කියා සිටියහ.

Related posts

තරුණසේවා සභා, බෙල්වුඩ් ආයතනයත් කෑලි කර විකුණන්න යයි…

colombotoday

පොහොර මිටිය 350ට දියව් ! ගොවීන් ඇමති දුමින්දගේ නිවස වටලා උද්ඝෝෂණයේ

colombotoday

විනිසුරුවරයකු නැතැයි මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ් කිරිම අසාධාරණයි – කතානායක

colombotoday

නව ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු !

colombotoday

ජනවාරියේ පාර්ලිමේන්තුව හෙල්ලෙන හෙළිදරව්වක්

Admin

නාවික කදවුරු භූමියේ ඉඩම් ඉල්ලා මුලතිව් හී විරෝධතා !

colombotoday