මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට එරෙහිව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව පියවර ගෙන ඇති බවත්, එම වංචාවට අගමැති රනිල් වික්‍රමසිංහ චූදිතයෙක් වී නොමැති බවත්, ඔහු හොරකම් කර නොමැති බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
එනිසා ඇතැමුන් කියනා ආකාරයට ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවද ඇය සදහන් කරයි.
කෙසේ නමුත් අගමැතිවරයා පත් කරන ලද පුද්ගලයන් හොරකම් කිරීම ගැන ඔහුට යම් වගකීමක් ඇති බවද ඇය කියා සිටියේ අත්නගල්ලේ පැවති ජනහමුවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි