Colombo Today Local News

ෆොන්සේකා – සුමන්තිරන් මත ගැටුමක් නිසා තේරීම් කාරක සභාව උණුසුම් වෙයි

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විපක්‍ෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් දෙදෙනකු වන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ද්‍රජාස මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර ඊයේ (31 දා) ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් තේරීම් කාරක සභාව ආරම්භයේ උණුසුම් ස්වරූපයක් ගත්තේය.

ෆොන්සේකා –
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් සාක්‍ෂි ලබාගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා ප‍්‍රවේශයක් ලබාගත් අවස්ථාවේදී මතු කළ ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇතිවූ එම මත ගැටුම කමිටුවේ නියෝජ්‍ය සභාපති ජයම්පති වික‍්‍රමරත්න මහතාගේ මැදිහත්වීමෙන් නතර කෙරිණි.

සරත් ෆොන්සේකා මහතා – යුද හමුදාපතිතුමා මෙතනදී එදා ප‍්‍රකාශ කළා කිසිදු දෙයක් අවසන් යැයි ප‍්‍රකාශ කළ නොහැකි බවට. එය ඊයේ ඔප්පු වුණා යළි සහරාන්ගේ මස්සිනා කෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග. ඒත් දේශපාලනඥයෝ කියනවා එය අවසන් කියලා. අපිත් ඉන්නේ ඔබතුමාගේ ඒ මතයත් සමගයි.

සුමන්තිරන් මහතා – එය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාග් මතය

ෆොන්සේකා මහතා – ඔබතුමාගේ මතය සියල්ල ඉවරයි නැහැ කියන එකද?

සුමන්තිරන් මහතා – මගෙන් ප‍්‍රශ්න අහන්න බැහැ. ෆීල්ඞ් මාර්ෂල් මැතිතුමා. මගෙන් ප‍්‍රශ්න අහන්න බැහැ.

ජයම්පති වික‍්‍රමරත්න මහතා – මෙතන වාදයක් ඇතිකර ගන්න එපා. මෙතන කතා කරන සියලූම දේ ඒ අයගෙ මත තමයි. මේ කමිටුවේ මතය කියලා මම කිව්වෙත් නැහැ.

ජයම්පති මහතා – මෙතන වාදයක් අවශ්‍ය නැහැ.

ෆොන්සේකා මහතා – මම ඒක නිවැරදි කරන්නම්. එය කමිටුවේ මතය නොවේ. මගේ මතයයි.

කෙසේ වෙතත් එම මත ගැටුමට පසුව ෆොන්සේකා සහ සුමන්තිරන් යන මහත්වරු එකිනෙකා සුහදව කතා බහකරනු දක්නට ලැබිණි.

Related posts

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

උත්සව සමයේ මුළු රටටම විශේෂ ආරක්ෂාවක් – ජනපතිගෙන් උපදෙස්

colombotoday

රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා සමග අත්අඩංගුවට ගත් හිස්බුල්ලාගේ ආරක්ෂකයා ඇප මත නිදහස්….

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග. රහස් පොලිසිය රාජිතගේ නිවසට

colombotoday

විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසඳීමට ගත් අලුත් පියවර

colombotoday

අරගලය හේතුවෙන් මියගිය ගණන 7 දක්වා ඉහලට

colombotoday