Colombo Today Local News

ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීම මහ බැංකුව ප්‍රතික්ශේප කරයි….

ජාත්‍යන්තර ආර්ථික ශ්‍රේණිගත කිරීම් ආයතන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කල නවතම ශ්‍රේණිගත කිරීමේ තීරණ සමග එකග නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම බී ධන ස්ථාවර කාණ්ඩයේ සිට බී කාණ්ඩය දක්වා පහල හෙලීමට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් ගෙන ඇති තීරණය රටේ සාර්ව ආර්ථික මූලධර්ම මගින් පිළීබිඹු සාධකවලට පටහැනිව සිදු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව පෙන්වා දෙන්නේ.

මෑතකාලීන දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද විදේශීය මූල්‍ය අවශ්‍යතා සහ ණය ආපසු ගෙවීමේ වගකීම් ඇතුලුව ආර්ථිකය මත ඇතිවිය හැකි ඕනැම බලපෑමක් අවම කර ගැනීමට ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව මහබැංකුව අවධාරණය කරනවා.

ඒ අනුව මෙරට බැංකු සහ මූල්‍ය අංශය විදේශීය අවදානම්වලට සාර්ථකව මුහුණදීමට හැකි මට්ටමේ බවතින බව ශ්‍රී ලංකා මහබැංකුවේ අදහසයි.

සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල හෝ මූලධර්මවල දුර්වල වීමක් පිළීබද කිසිදු සාක්ෂීයක් නොමැතිව දේශපාලන අස්ථාවරභාවය ඉහලයාම යන කරුණ මත පමණක් පදනම්ව ශ්‍රේණිගත කිරීම් සිදුකිරීම සාධාරණීකරණය කල නොහැකි බවයි මහ බැංකුව නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම බී ධන ස්ථාවර කාණ්ඩයේ සිට බී කාණ්ඩය දක්වා පහල හෙලීමට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන වන ෆිච් ආයතනය සහ ස්ටැන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් ආයතනය කටයුතු කර තිබුණා.

එය සැලකිල්ලට ගෙනයි ශ්‍රී ලංකා මහ බැංකුව මෙම නිවේදනය නිකුත් කර තිබුණේ.

Related posts

අලි සබ්‍රිගෙන් අන්තර්ජාල පලකිරිම්වලට සීමා ගෙනෙන පනත් කෙටුම්පතක්. | දිලිත් ජයවීරගේ පුවත්පත වාර්තා කරයි.

colombotoday

මෙරට ආර්ථික වර්ධනය පසුබසී

Admin

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කැබලි 10කට වෙන් වෙයි… උතුරේ පොලිසිය මෙහෙයවීම බෙදුම්වාදීන් අතට…

colombotoday

තරුණයකු දීර්ඝ කාලයක් සිර කරන්න හොඳ නෑ. සිද්ධිය වෙද්දී බීලා ඉදල තියෙනෙ. එනිසා දුමින්ද සිල්වා නිදහස් කරන්න

colombotoday

ඒකීය රටක් වෙනුවෙන් රජරට වෙදැදුරන්ගෙන් නව ව්‍යවස්ථාවට සුපිරි යෝජනා 14ක්

colombotoday