Colombo Today Local News

ළගම පාසල හොදම පාසල ව්‍යාපෘති ලොක්කෙක් අයි.එස්. ප්‍රචාරණයේ – අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලකට පොලීසියෙන් සීල් තබයි

යි.එස්. මතවාදී පෝෂණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට අයත් සහකාර අධ්‍යක්ෂකවරයෙකුගේ ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලේ කාර්යාලයකට පොලීසිය සීල් තබා ඇත.

පොලිස්පති කාර්යාලයෙන් ලබාදුන් අයි.එස්. ත්‍රස්තයන්ට උදව් දුන් පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනයකට අනුව නොරොච්චෝලේ පදිංචි මරික්කාර් දිල්ශාන් මුහම්මද් නමැති සහකාර අධ්‍යක්ෂවරයා නොරොච්චෝලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙගන ඇත්තේ සෙනසුරාදා (04)ය.

මොහු සමාජජාල වෙබ් අඩවි ඔස්සේ අයි.එස්.අයි.එස් මතවාද පෝෂණය කිරීමේ චෝදනාවට ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය මගින් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා වෙත දන්වා එපා ඇත. මෙම සැකකාර සහකාර අධ්‍යක්ෂවරයා සමග ගන්දර පදිංචි ෂේෂාත් මොහොමඩ් නමැති අයකුද අත්අඩංගුවට ගෙන ඇත.

සහකාර අධ්‍යක්ෂවරයා යටතේ අධ්‍යාපන අමාත්‍යංශයේ හත්වැනි මහලේ ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට අයත් කාර්යාලය තුළ නිලධාරීන් දසදෙනෙකු පමණ සේවය කරන අතර, ඒම කාර්යාලයට ඊයේ (06) පොලීසිය පැමිණ සීල් තබා ඇත.

මෙම සැකකාර සහකාර අධ්‍යක්ෂකවරයා තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේය.

අරුණ.lk

Related posts

ජනබලය 5 වැනිදා කොළඹට

colombotoday

නව මුදල් ඇමති බන්දුල ?

colombotoday

ඉතිහාසයේ මුල්වරටයි.. දෑත් දෙපා අහිමි රණවිරුවන්ට අධිපීඩන ජල ප්‍රහාර, කදුළු ගෑස් ප්‍රහාරයක් !

colombotoday

කරූ ජයසූරිය පාර්ලිමේන්තුව මාළු කඩයක් බවට පත් කළා – මහින්ද අමරවීර

colombotoday

ඒකාබද්ධයේ අයට අලුත් පක්ෂය තහනම්.. ගියොත් මන්ත්‍රීකමත් අහෝසියි !

colombotoday

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවේ නිදහස් වීසා : විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් !

colombotoday