Colombo Today Local News

හෙරොයින් පැකට් 380ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

බොරැල්ල පොලිස් වසමේ ටී 20 වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් පැකට් 380ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (11)දින උදෑසන 11.30 ට පමණ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක් අතරතුර එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

එම හෙරොයින් පැකට් 380 තුළ හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් තිබූ බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් වු බේස්ලයින් මාවත, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය හෙට (12)දින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

13 ක්‍රියාත්මක කරන්න… මෝදී මහින්දගේ මුහුණටම කියයි

colombotoday

කුණු වලට විරුද්ධ වුවොත් වරෙන්තු නැතිවම අත්අඩංගුවට.. ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නට වෙඩි තබයි

Admin

යාපනය නගරයේ සියළු සුරාසැල් වසා දැමේ.. දුම්වැටි අළෙවියත් තහනම් – දිසාපති නියෝග කරයි

colombotoday

විමල් තමන්ගෙ දේශපාලන මතවාදය කවදාවත් වෙනස් කළේ නෑ – ලාල් කාන්ත

colombotoday

ජනතාව හාල්, අල, ලූණු, පරිප්පු පරිභෝජනය කරන බව අමතක කල 2019 අයවැය ගල් අරක්කු අයවැයක්!

colombotoday